Monday, October 28, 2013

සිල්ලර ෆෝන් කටුවෙන් ලෝකය දැකීම

  
(මෙය අන්තර්ජාලයෙන් ගත් ජායාරූපයකි)



                                    හිච්චි එකා සන්දියේ මේ ඔලු ගෙඩිය අස්සේ මහා හීන තොගයක් තිබ්බා ජැකී චෑන්ගෙ ෆිල්ම් එකක් බලපු දවසට මට ඕන උනේ පහුවෙනිදා ඉදලා කරාටි පංති යන්ඩ. අමරදේව මහත්ත්යගේ සිංදුවක් අහපු හැම වෙලාවකම මට ඕන උනේ ඒ හඩෙන් සිංදු කියන්ඩ. කොටින්ම කියනවනම් මට පොර වෙන ඕනම දෙයක් දැක්කම මට ඕන උනේ එහෙම වෙන්ඩ.. එකෝම එක සැරයක් පුංචි ලස්සන හොල්මන් කෙල්ලක් ඉන්න චිත්‍රපටියක් TV එකෙ ගිහින් මං මැරෙන්ඩත් හිත හදාගත්තා :D.

ඒ පුංචි කාලේ හරිය...

ඊටත් පස්සෙ කාලෙක මම හිතාගත්තා මගේ පොර මංම වෙන්ඩ ඕන කියලා.. ඒ කියන්නේ මං දැන් පොරක් හරිය. :D

ඊට පස්සෙ පිලිවෙලට බයික් පිස්සුව, ගිටාර් පිස්සුව , ෆෝන් පිස්සුව , කොම්පීටර පිස්සුව , කැමරා පිස්සුව වගේ දේවල් පිලිවෙලට ජීවිතේට ආවා.  කැමරා පිස්සුව ඇරෙන්ඩ අනික් හැම එකම වගේ මේ වෙනකොට හොඳ වෙලා ඉවරයි කැමරා පිස්සුවත් ෆෝන් පිස්සුවට බෙහෙත් ගත්ත කාලෙම ටිකක් යට ගියා.. මොකද ඒ බෙහෙත් මේ ලෙඩේටත් ටිකක් ගුණදායක උන හින්දා..

මේ ඉතිං බොහෝම ආධුනිකයෙක් විදියට මගේ සිල්ලර ෆෝන් කටුවලින් ගහපු ෆොටෝ කෑලි ටිකක්..  ( පින්තූර උඩ එබුවහම ලොකුවට පේනවය කියලා ගූගල් අයියා කියන්නේ )

Photos - Nokia N 97 | Sony Ericsson J10i2 



























23 comments:

  1. ජය වේවා....! අර ජලාශයක් අයිනේ ගහක් තියෙන්නෙ..? ඒ කොහෙද,? මස්කෙලියද.,?

    ReplyDelete
  2. Excellent..you have the talent

    ReplyDelete
  3. අපි ෆොන් වලින් ගත්තහම ඔහොම ලකයක් නැනේ බං

    ReplyDelete
    Replies
    1. උඹ අර HDR ලෙන්ස් එක පාවිච්චි කරන්නෙ නැතුව ඇති. :D

      Delete
  4. මචං උඹ කැප්චර් කරගෙන තියන දර්ශන නම් නියමයි. සාමාන්‍යයෙන් මේ වගේ දර්ශන වලදි පොදුවේ භාවිතාවෙන ක්‍රමවේදයක් තියනවා Rule of Thirds කියලා. වියදමක් නැතුවම, කැමරාව මානන කෝණය ටිකක් එහාමෙහා කිරීමෙන්, වඩා හොඳ ඡායාරූපයක් ලබාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්.

    උඹගේ පලවෙනි ෆොටෝ එකේ එතකොට, අර WTC ගොඩනැගිල්ල තියන ෆොටෝ එකේ, මේ ක්‍රමවේදය අඩංගුවෙලා තියනවා. මේක අනිවාර්යයි කියලා නැහැ. නමුත් අර ඉර බහින දර්ශන, පොඩි රුවල් ඔරුව තියන දර්ශන වලට මේ ක්‍රමය යොදාගත්තා නම් වඩා හොඳයි කියලා මට හිතෙන්නේ.

    කලින් කිව්ව වගේම, මේක අනිවාර්යයක් නෙවෙයි. ඉහත ලින්ක් එකේම තියනව, ඒ රූල් එක බ්‍රේක් කරන්න පුළුවන් දර්ශන ගැනත්.

    ReplyDelete
  5. Beautiful pictures and u have the talent

    ReplyDelete
  6. ලස්සන පිංතූර ටික. ඇයි බං අපි ෆොටෝ ගත්තම මේ විදියට නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හොද ප්‍රශ්නයක්.... ඊලග පාර ගෙවල් පැත්තෙන් යන වෙලාවක තේ ටිකක් බීලා බත් ටිකක් කාල ඒ ගැන කතා කරමු :D

      Delete
  7. සුපිරියි නේ මලයා.... සුබ පැතුම්.. මේ ටික දකිනකොට මතක් වුණේ මේ දිනවල ආන්දෝලනාත්මක මාරයාගේ ලිපිය හා විදුරගේ පින්තුර

    ReplyDelete
    Replies
    1. අනේ බුදු අයියේ මං මේවා න්‍යශ්ටික බලයෙන් නෙවෙ පැස්ටෝල් බලයෙන් මගේ අසරන බයික් කටුවෙන් ලංකාදීපේ පුරා ගිහින් ගහපුවා..

      Delete
  8. කැමරාවක් තිබ්බට වැඩක් නෑ කලාත්මක ඇහැක් නැත්තං...
    ඒ අතින් මේ පින්තූර ටික පංකාදුයි !

    ReplyDelete
  9. ලස්සන පින්තූර හර්ෂණ. හර්ගෙ ෆෝන් එකෙන් ගත්තු පින්තූර මගෙ කැමරාවෙන් ගන්න ඒවට වඩා හුඟක් ලස්සනයි.
    තව තිබුණා නේද ඔයා කැමරාව පොළොවට බොහොම කිට්ටුවෙන් තියලා ගත්තු ලස්සන පින්තූර?
    මේ සමහර ඒවා දකිද්දි, ඔය තැන්වලදි ගත්තු මගෙ නැති වුණු පින්තූර මතක් වෙලා දුක හිතෙනවා. :)

    ReplyDelete
    Replies
    1. ෆෝන් බිම තියලා ෆොටෝ ගහන්නේ පූස් ස්ටැයිල් .. ඉස්මුදුනේ ඉදලා ෆොටෝ ගහනේ ඉබි ස්ටැයිල්..

      ඔයාගේ ෆොටෝ ටිකනම් අපරාදේ තමා.. ඒ ටික ගොඩ දාගන්ඩ තාම ට්‍රයි..

      Delete
  10. ලස්සනයි චායා රුප ටික. තවත් මේ වගේ ලස්සනා චායාරූපඅප්ලෝඩ් කරන්න. ඔබට ජය

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: