Friday, December 27, 2013

සුන්දර ප්‍රශ්න

 
 
උඹට මතකද ...?
මට ඉස්සරෝම උඹ හම්බවෙච්ච දවස..
මටත් හරියට නිච්චියක් නෑ.. ඒත්  අඩු පාඩුවක් නැතුව
ජීවිතේ මතකෙට වැටෙන කාලෙ ඉදලා
උඹ හැමදාම වගේ මට මුන ගැහුනා..
 
 
ඉස්සරෝම උඹ මුනගැහුනම
මම පුරුදු උනා අඩන්න..
මම හිතුවෙ උබට දුක හිතිලා මාව දාල යයි කියලා
ඒත් උබ නපුරෙක්
හිත අඩපු හැම වෙලාවකම 
උඹට ඒක ඔච්චමක් උනා
 
ඊට පස්සෙ උඹ මුනගැහෙද්දි
මම උඹව මග හරින්න හැදුවා
පැය ගනන් බෝක්කු උඩට වෙලා උබව අමතක කරන්න හැදුවා
ඒත් උඹ තප්පරේකටවත් මාව දාල ගියේ නෑ..


අන්තිමට මම උඹව මග හරින හැටි ඉගනගත්තා..
උඹ ඊට පස්සෙ මාව බලන්න එනකොට 
මං උබව ආදරෙන් පිලිගත්තා
උඹත් මගේම කෙනෙක් කියලා හිතුවා..
 
මට තේරුනා උඹ එකට ඩිංගක්වත් කැමති නැති බව.
අන්තිමේදි.. උඹ මට මෙහෙම කියලා කාලෙකට කලින් 
මාව දාල ගියා..
මට තාම මතකයි උඹ යද්දි කියලා ගිය වචන ටික
.............................
 
" උඹ ඒ පාර ජීවත් වෙන්න පටන් අරන් "




5 comments:

  1. ජීවිතේ ප්‍රශ්න? :) කියවගෙන යනකොට මතක් වුණේ අජාන් බ්‍රහ්මවංසෝ තෙරණුවන්ගේ කතාවක්- ප්‍රශ්න එක්ක "සාමයෙන් ජීවත් වීම".

    ReplyDelete
  2. ප්‍රශ්න වලට බයේ දුවන්නැතුව ඒව පිළිගන්න, මූණදෙන්න පුලුවන්නං ජීවිතේ සෑහෙන්න තෘප්පතිමත් කරගන්න හැකියාවක් තියෙනව. නමුත් හුඟදෙනෙක් කරන්නෙ ජීවිතයෙන් පලායාම.

    ReplyDelete
  3. එහෙත් ප්‍රශ්න මෙහෙත් ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න...

    ReplyDelete
  4. දුවලා දුවලා හති වැටෙන්නේ නැතුව පාර දිගනම් ෂෝර්ට් කට් එකක් පාවිච්චි කරන්න..

    ReplyDelete
  5. මොකෝ ඉතිං බං අපි කරන්නේ.. එන විදිහක් බලමු.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: