Friday, December 26, 2014

සුභ නව වසරක් වේවා

සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත්වන්තරයෝ සුඛි දීඝායුකෝ භව ලබන්නා වූ නව වසර ඔබ සැමට ආයු වණ්ණ සැප බල ප්‍රඥා වර්ධනය වන සුභ නව වසරක් වේවා...

Sunday, December 14, 2014

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.

ඉරිතලා වැටුනු ගං ඉවුරු දිගේ අපි ඔහේ ඇවිද යමු මතක දිගේ නුබට මතක නැති මට අමතක නැති මතක පොතේ පිටු යලි පෙරලන්නට යොදුන් ගනන් දුර හෙමින්  ඇවිද යමු එදා මතක යලි හිතට නැගෙන තුරු  දිනෙන් දිනට දින පොත පෙරලා හරි යලිත් මවන්නම් එදා දවස් යලි රෑ අහසේ පුන් සඳකි නුබේ සිරි ලඟ ඉන්නම් තරුවක් විලසින් හරි හිතක් පිරෙන්නට ඇතත් මතක පොදි එදා ලගින් ඉඳ පෙමින් බැඳුන හැටි හෙමින් හෙමින් මතකෙට නැගෙනා හැටි බලං ඉදිමි මම ගෙවෙන තුරා දිවි කවියේ කතන්දරේ - ටික කාලෙකට කලිං අපේ අම්මට ලොකු ඔපරේශන් එකක් කරන්න උනා. මොලේ තිබ්බ ගෙඩියක්...

Thursday, December 11, 2014

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන බලන්න සිතක අරුම සල්ලි වලට බඹරු ඇදෙන විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන බලා නොඉන්න බූදලේ සොයා ඔබත් පනින්න යුගෙන් යුගය සතුට සැපත සොය සොයා මිනිස් මොලේ සයිස් එකෙන් පුං‍චි වී ගියා එහෙන් මෙහට ඇදන බඹරු නොදැක ඇස පියා බලන්න සල්ලි මිටියේ දකින රහස කොහෙන් පැමිණ කොහේ යයිද දන්නෙ නෑ එහේ හොඳද මෙහේ හොඳද අපිම දන්නෙ නෑ සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ සොයන්නෙ මොකටද අපි පනිනා ඇත්තන්ගෙ රහස ...

Friday, November 21, 2014

රූකඩ ලන්තේ

  (pics -.puppet.lk)                 එකෝමත් එක රටක එකෝමත් එක කාලෙක  නපුරු මන්තරකාරයෙක් හිටියා.. නම ඇහුවත් මිනිස්සු බය වෙන  මේ මන්තරකාරයාව... පාර තොටකදි දැක්කත් මිනිස්සු හැංගෙන්නයි පුරුදු වෙලා තිබ්බෙ. ඒත් එකෝමත් එක දවසක  ඒ කතාව වෙනස් උනා.  ඒ ගමට ආපු අලුත් මන්තර කාරයෙක්  පරන මන්තර කාරයට අභියෝග කලාට පස්සෙ. ඒ අභියෝගෙන් බොහෝම තදේට තරහ ගිය නපුරු මන්තර කාරයා ගේ මුල්ලේ තිබ්බ කොස්සට මතුරලා අසුරු සැනින් අහසට නැග්ගා..  විනාඩියක් වත් පරක්කු...

Tuesday, October 21, 2014

" යකෝ මට ප්‍රශ්න නෑ නේ "

ටවුම පැත්තට යන්ඩ හිතාගෙන ඇවිදින්ඩ පටන් ගත්තා.. ඉස්සලම හම්බඋනේ පෝස්ට් ඔෆිස් එක පාමුල මැටි වලින් හදපු බිත්ති සැරසිලි විකුනන ආච්චි අම්මා.. " මේ එකකින් ලාබෙ රුපියල් පනහයි පුතේ " කලින් දවසක ඈ මට එහෙම කියලා තිබුනා. බොහෝ විට ඒ ආච්චි අරගෙන එන්නෙ ඒවා කෑලි දෙකක් තුනක් ,විකිනුනොත් උපරිම ලාබෙ රුපියල් 150ක් එහෙම නැති දවසුත් ඇති . මොකද හවස් ජාමෙ වෙනකොටත් අතේ ඉතුරු උනු මැටි පහන් ටිකත් එක්ක මම ඒ ආච්චිව දැකලා තියනවා. ඇයගෙ සුපුරුදු හිනාව මැද්දෙ මම එතන පහු කලා.. තව මීටර් 10ක් ඉස්සරහට එනකොට රේල් ගේට්ටුව ලග ගිනි ගහන අව්වෙ , හෙන ගහන වැස්සෙ ටිකට්...

Saturday, September 27, 2014

ෆෝන් කටුවෙන් කැමරාවට...

                       ඊයෙ පෙරේදා ඉතිං ගෑල්ලමයගෙන් තෑග්ගක් විදියට කැමරාවක් හම්බ උනා කියමුකෝ.. ෆෝන් කස්ටෙන් ෆොටෝ ගැහිල්ලට    ආයුබෝං කියලා කැමරාවෙන් වැඩ අල්ලන්ඩ පටන් ගත්තා.. හැබැයි ඉතිං හැමදාම කියන්නා වාගේ ඇහැක් විදියට බොහොම සිල්ලර විදියට...කලින් ෆෝන් කටුවෙන් ගහපුවා බලාගන්ඩ නම් මෙතෙන්ඩ Canon IXUS 145 ...

Tuesday, September 23, 2014

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු

බලලා ඉවරවෙල අපිත් දීලා දාමු ඇස් දන් දීමට කැමතිද?  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය--- =============================== ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය "*ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ.*" - *දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.* ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය, දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය, විද්‍යා මාවත, කොළඹ 07. - *ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක 011- 2 698 040 011- 2 698 041 011- 2 698 043 011- 2...

Thursday, August 28, 2014

ආයෙමත් වාරියපොලට

                                         මට මතක හැටියට ඒ 2008  අවුරුද්ද ඒ වෙනකොට මම වැඩකලේ  කෑගල්ලේ.  මම වැඩකරපු පරිගනක මෘදුකාංග සමාගමෙන් කෑගල්ලේ ආයතන 4ක තිබ්බ මෘදුකාංග නඩත්තුව තමා මට පැවරිලා තිබ්බෙ. සංසාරේ එපා වෙන බස් ගමනකින් පස්සෙ පැය ගානක් කෑගල්ලෙ හතර පොලකට ඇවිදලා ආයෙම සංසාරේ එපා වෙන බස් සංචාරෙකින් ගෙදර එන එකෙන් තමා ඒ දවස් වල...

Tuesday, August 19, 2014

වාරියපොලින් බොදවූ පුරුෂ අභිමානය

අර වාරියපොල කෙල්ලෙක් කොල්ලෙක්ට ගහපු සීන් එක ශ්‍රී ලාංකීය පුරුෂ අභිමානෙට ගහපු හෙන කනේ පාරක් කියලා මහා ලොකු සීන් එකක් අන්තර්ජංජාලෙ පුරා යනවනෙ.එතකොට බං පුරුෂ අභිමානේ කියන්නෙ ගෑනුන්ගේ පස්සවල් දිහා බල බල කොචොක් කරන එකටද ?.මං දැක්කා එක තැනක කියලා තියනවා එක පුරුෂ මල්ලි කෙනෙක්. ඔහොම විහිලුවක් කලා කියලා ගහන්ඩ ඕනද ඔව්වා ලංකාවෙ නෙවෙන දේවල්ද අහලා ඒ වගේම කෙල්ල ඇදන් ගිය ඩෙනිම හිර වීමත් අත් පලපු ටීශර්ට් එකත් හෙනට විවේචනය කරලා තිබ්බා.ඒත් මට පොඩි ප්‍ර්ශ්නයක් තියනවා..  මහ පාරවල් වල පුක පල්ලෙ කලිසම ඇදගත්ත කුඩු කට් ගහගත්ත පුරුෂ මල්ලිලා  ඕන තරම් ඉන්නවා...

Sunday, July 27, 2014

දෙසීයට ආප්ප කමුද ?

මැලේශියාවෙ ප්ලේන් එක කඩන් වැටුනට ,පස්සෙ අලුත්ගම  ගිනි ගත්තට පස්සෙ ලංකාවෙ මිනිස්සුන්ට දරුනුවටම දැනුන අනිත් ප්‍රශ්නෙ තමා ජැකීගෙ රුපියල් දෙසි‍යෙ ආප්පෙ..මට හිතාගන්න අමාරු ඔය සිද්ධිය ගැන අපේ සමහරක් කියන කතා මේකට අදාල වෙන්නෙ කොහොමද කියන එක ගැන.. ඔන්න මට ඇහුන කතා කීපයක් " ඔවුන්ගෙ ලොකු කමටනෙ බං ඕවගෙන් කන්නෙ " " කාගේ සල්ලිද ඉතිං ඔය හූරගෙන කන්නෙ... "" කුඩු කාරයන්ට ගිය රටනේ... "" මිනිස්සුන්ට එදා වේල කන්න නැතුව විදවනවා මුන්ගේ ආප්පයක් දෙසීයලු .."" පිස්සුනේ බං .. රුපියල් දෙසීයක් දීලා ආප්ප කනවද.. " ඒ කියන්නෙ මේ කඩෙන් කන උන් හෙන දේශද්‍රෝහියොනෙ.....

Wednesday, July 16, 2014

දෙවොන්දරා සං.....

හිරු රුදු වී නිමා කෙරෙන තව දවසක හැන්දෑවකනුවර වැවට උඩින් වැටෙන හිරු රැලි මනරම්මල් පාවඩ නැති පාරේ අතැගිලි බැද ඇවිද යන්නමාත් එක්ක නුඹ එනවද දෙවොන්දරා සං.. වෛවාරණ අරුමෝසම්මේ සුන්දර ලී කැටයම් මේ ඔක්කොම නුබේ නමට තෑගි කරන්නම් නුඹ ආ මග අමතක කර  හෙට දවසට ඇවිද යන්න නුඹෙ ආදරේ මට දෙනවද දෙවොන්දරා සං.. හින අහුරු පොදි බැදගෙන නැලවෙන මල් වසන්තයක ඇවිදින එක හීනයක්ම වෙලා හිතට දැං සැප බස් රිය කවුලු  දොරින් නුඹෙ හිනාව බොඳවෙනකොට ආයෙත් නුවරට එනවද දෙවොන්දරා සං.. 2014 | 07 | 16 පසු සටහන -   නුවරදි  ...

Wednesday, June 25, 2014

සදාචාරේ...

ලංකාවේ තියෙන්නෙ අමුතුම මාධ්‍ය සදාචාරයක් නේ.. මේ රටේ ගොඩක් ප්‍ර්ශ්න වැඩි වෙන්න ලොකුම හේතුව මේක. මුස්ලිම් මිනිහෙකුයි සිංහල මිනිහෙකුයි ගහගත්ත ගමන් ඒක පත්තරේ යන්නේ අමුතු විදියකට. උදාහරනෙකට කිව්වොත් මෙහෙම " අකුරන නගරයේදි දෙපිරිසක් අතර ගැටුමක් " දෙපිරිස කවුද කියලා උන් දන් නෑ. එතකොට සිංහල උන් දෙන්නෙක් කෙල ගත්තොත් පත්තරේ යන්නෙ මෙහෙම. මහනුවර නගරයේ පදිංචි දෙදෙනෙක් ආර්.පී වලිරත්න (55) . බී . එස් සාමරත්න (45) අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනාම තුවාල ලබා රෝහලට ඒ ඇයි... ඒකට කියන්නෙ සදාචාරෙද එහෙම නැත්තං සහජිවනේද. ඕකෙන් වෙන්නෙ මෙච්ච්රයි . ලංකාවෙ...

Thursday, May 22, 2014

කිසිදා මහලු නොවන හඩින් හන්තාන සිහිනය දකින්නට

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ දරා නෙත් අග දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ වැහි පබළු යට රගමඩල මැත ඔබේ... දෑතේ තුරුළු වෙන්නට බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ... නොඑනු මැන ළදුනේ වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ........... හඬ - පන්ඩිත් අමරදේවයන් සමග උමාරියා සිංහවංශ පද රචනය - ජානක සිරිවර්ධන තනුව - අරුණ ගුනවර්ධන ...

දන්සැල් සහ හිඟන කතාවක්

                                          ඒ වෙනකොට වෙලාව හවස හයට විතර.. දවස කිව්වොත් වෙසක් දවසට කලින් දවස . ටික දවසකට පස්සෙ රෝන්දෙ ගහන්නම හිතාගෙන කොළබ ගියා. කොහෙමෙන් කොහොම හරි කොලඹ වටේ තිබ්බ වැඩ වගයක් ඉවරකරගෙන වෙන්ට පවුලත් පිටිපස්සෙ තියාගෙන බයිසිකලේ බොරැල්ලෙ BOC එක ඇතුලට දැම්මෙ සල්ලි ටිකක් ගන්න හිතාගෙන. ATM එකේ පෝලිම වන්දනා කරලා මම ආයෙම ...

Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

       දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා..  ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ. කොහොම නමුත්...

Thursday, February 13, 2014

ඌට උගේ නොවන උගේම ප්‍රජාවක් හිටියා..

පහු ගිය මාස ගානක් පුරවටම පේරාදෙනිය ගලහ හන්දිය පහු කරන් යනකොට  නිතර ඇහැ ගැටුන දෙයක් තිබ්බා.. ඒක.. ටකරං මඩුවක්  ..කලු පාටින් සැරසිච්ච මඩුව අතරේ පැය හයේ ශිෆ්ට් වලට නංගිලා මල්ලිලා වගයක් සාමකාමී සත්‍යග්‍රහයක.  උදේට එතනින් යනකොට තිබ්බ මුනු දවල්ට නෑ.. අලුත් මූනු.. මොනා උනත් පාරවල් වහන් නටන නාඩගම් වලට වඩා අඩුම ගානේ තමන්ගේ විරෝදය අපිට වදයක් නොවෙන විදියට ඒ අය පෙන්නුවා.. ඒ ලග තිබ්බා බෝඩ් එකක් ඒකෙ තිබ්බා සත්‍යග්‍රහයට අදට දින කියලා වෙනස් වෙන පුවරුවක්. ඒකෙ දින ගාන 70කට ලං වෙනකං මම ඕක ලගින් එහෙ මෙහෙ ගියා මට මතකයි. පස්සෙ ඒකත් බලන එක අමතක...

Monday, February 10, 2014

ඇයි මල්ලි අවුලක්ද ?

හැමදාම එන පාරේ.. ගෙදර එන ගමන් හිටියේ.. කොහොමත් මම කලබල ටවුම මැදින් එන්න වැඩිය කැමැත්තක් නෑ. ඒ නිසා ටවුමට ඇතුලෙන් යන පාරෙන් බොහොම දුරක් ඒ වෙනකොට මම ඇවිත් තිබ්බෙ. පිටිපස්සෙන් ආව වෑන් එක එලවපු එකා හෝන් ඒක උඩ නැගගෙන පාරේ ඉඩ ඉල්ලපු නිසා මම ඌට ඉඩ දුන්නා, ඒ එක්කම පැයට කිලෝමීටර් හිතාගන්න බැරි ගානකින් ඕවටේක් කරපු ඩිලිවරි වැන් එක තව මීටර් 10ක් ඉස්සර වෙන්කොටම පාර අයිනේ උගේ පාඩුවෙ හිටපු බල්ලෙක් දඩාස් ගාල හැප්පුවා. වේගෙ කිසිම අඩුවක් නොකරපු වෑන් එක. ඊලග තප්පරේදි නොපෙනී ගියා. ( සැලකිය යුතුයි සමහර බල්ලෝ ඉන්නවා මාර්ග නීති තුට්ටුවකට මායිම නොකර...
Time in Sri Lanka: 12:07:50AM
Wednesday 02/04/25