Thursday, February 13, 2014

ඌට උගේ නොවන උගේම ප්‍රජාවක් හිටියා..






පහු ගිය මාස ගානක් පුරවටම පේරාදෙනිය ගලහ හන්දිය පහු කරන් යනකොට  නිතර ඇහැ ගැටුන දෙයක් තිබ්බා..

ඒක.. ටකරං මඩුවක්  ..

කලු පාටින් සැරසිච්ච මඩුව අතරේ පැය හයේ ශිෆ්ට් වලට නංගිලා මල්ලිලා වගයක් සාමකාමී සත්‍යග්‍රහයක.  උදේට එතනින් යනකොට තිබ්බ මුනු දවල්ට නෑ.. අලුත් මූනු.. මොනා උනත් පාරවල් වහන් නටන නාඩගම් වලට වඩා අඩුම ගානේ තමන්ගේ විරෝදය අපිට වදයක් නොවෙන විදියට ඒ අය පෙන්නුවා..

ඒ ලග තිබ්බා බෝඩ් එකක් ඒකෙ තිබ්බා සත්‍යග්‍රහයට අදට දින කියලා වෙනස් වෙන පුවරුවක්. ඒකෙ දින ගාන 70කට ලං වෙනකං මම ඕක ලගින් එහෙ මෙහෙ ගියා මට මතකයි. පස්සෙ ඒකත් බලන එක අමතක වෙලා ගියා..

පහු ගිය දවසක මම හිටපු බස් එකකට නැග්ග ඒ මල්ලි කෙනෙක් මොන මොනවදෝ ගොඩාක් කියවලා අන්තිමට මේ ටික කිව්වා

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

මට ගලහ හන්දිය හරි සුපුරුදුයි... ජීවිතේ ගොඩක්  තදබද වෙලාවට  ඔය පාරේ මම බොහොම දුර ගිහින් හිතට නිවාඩු දීලා ඇති..

ඒ ගමන් වලදි වගේම සාමාන්‍ය ජීවිතේදි බොහෝ වෙලාවට ගලහ හන්දිය බොහොම කලබලයි.. කලු කොඩි, පෝස්ටර් , බැනර්, වලි , පොලිස් වාහන , ගලහ හන්දියට අරුම නෙවෙ... ඒ හැම වෙලාවකම උබලා ගලහ හන්දිය දෙදරවන සද්දෙන් කෑ ගහල කිව්වෙ බස් එකේ මලයා කතාව අවසන් කරපු වචන පේලියම තමා...

" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "

උබලා හැමදාම කොඩි වැල් පොස්ටර් අලවන මහ තල් ගස් ඒකට සාක්කි..


ඒත් මල්ලියේ මේ බොහොම ලග දවසක ඔය අට්ටාලෙට පේන දුරින්..

උබලගේ ප්‍රාජාවෙ එකෙක් එල්ලිලා මැරුනා..

මම බොහොම ආසාවෙන් හිටියා උබලා උගේ අයිතිය වෙනුවෙනුත් පාරට බහී කියලා..

ගලහ හන්දිය ඌ වෙනුවෙන් කලු පාටින් වැහිලා යයි කියලා..




එහෙම නොවුනම .. මම ආයෙම කල්පනා කලා..

" ඔය කියන ප්‍රජාවට ඌ අයිති නැතුව ඇති "

මම එහෙම හිතුවා..

කෝකටත් අර මල්ලිගෙ ප්‍රකාශෙට ඔය කොල්ලව ආදේශ කරලා බලමු..


" අපි මේ සටන් කරන්නේ අපේ ව්ශ්ව විද්‍යාල ප්‍රජාව වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්,.. ගමේ කුබුරු හේන් කොටලා . ලනු අබරලා දුක් විදපු අම්මලාගේ තාත්තලගෙ දරුවන්ගේ අයිතිය වෙනුවෙන් "


කොල්ලා දුප්පත්.. තාත්තා මාලු විකුනලා කොල්ලව කැම්පස් එව්වෙ..

සමීකරනේ ගැලපෙනව නේද..


අපි ඉතිං ඉගනගත්තු උන්ද...


සමීකරනේ මොකක් හරි අවුලක් ඇති.. කැම්පස් එකෙක්ගෙන්ම තමා අහගන්ඩ ඕන. යාන්තමින් පේරා එකෙක්ම සෙට් කරන් උගේන් ඔය කතාව ඇහුවා

" ඌ කැම්පස් එකෙන් අයින් වෙලා හිටියෙ අයියේ "

මුලු ප්‍ර්ශ්නෙම අහලා ඌ දුන්න පලවෙනි උත්තරේ

" ඒ කිව්වෙ "

රැග් සීන් එකකට ඌ සාක්කී දුන්නා ..පස්සෙ එක එක කේස් ඌට වැටුනා  කොහොමත් ඒ කේස් වෙනකොටත් මූ රැග් නිසා කැම්පස් අත ඇරලා ඉදලා තියෙන්නෙ.


" එහෙනං බං නිදහස් අධ්යාපනේට ඕක ඇතුලෙන්මනේ කෙලවෙන්නෙ "

මං එහෙම ඇහුවම ඌ හිනා උනා..

" ඇයි යකෝ හිනා වෙන්නෙ.. පොඩ්ඩ ඇත්තං රෙද්ද උස්සන පාරට බහින උබලා ඕකටත් බැහැපංකෝ "

ඌ ආයෙම හිනා උනා..

" අයියට ඕවා මීටර් වෙන් නෑ අයියේ "

ඌ හිනා වෙලාම එහෙම කිව්වා..


ජීවිතේ අන්තම අඩියක ඉදලා කට්ට කාලා කැම්පස් ආව එකෙක්. රැග් කරලා ඒවට විරුද්ධ උනාම ජීවිතෙත් එපා කරවලා කැම්පස් එකෙන් එලවලා දාන එකටද බං නිදහස් අධ්යාපනයක් වෙනුවෙන් සටන් කරනවා කියලා කියන්නෙ.

" ඕවා ගැන කතා කරලා වැඩක් නෑ අයියේ.. අපි පස්සෙ සෙට් වෙමු.."



ඒ කතාව එතනින් ඉවර උනා...



ඒ කියන්නෙ ඌ උබලගේ ප්‍රජාවෙ නෙවෙ. ඌට නිදහස් අධ්යාපනය අයිති නෑ.. 



ආයෙම දවසක පාරක බස් එකකදි , ගිරිය කඩාගෙන. නිදහස් අධ්යාපනේ ශිෂ්‍ය ප්‍රජාව ගැන එහෙම මට කියලා දෙන්න මල්ලි කෙනෙක් ආවොත් මට උගෙන් අහන්න ප්‍ර්ශ්න ගොඩක් ඉතුරුයි..

පාරක් පාරක් ගානෙ බස් එකක් බස් එකක් ගානෙ අපිට උබලගේ ප්‍රජාව නිදහස් අධ්‍යාපනේ වටිනාකම කියලා දෙන්න මහන්සිවෙන වෙලාවෙන් විනාඩි ගානක් හරි අරගෙන උබලගෙ උන්ටම ඒ ටික මතක් කරල දියල්ලා


උබලා  එදා ඉදලා අද වෙනකම්   කොයි තරම් උබලා වෙනුවෙන් පෙනී හිටියා , කතා කරා , උද්ගෝෂන කලා කියලා කිව්වත් හොදට මතක තියාගනිල්ලා 

උබලා කවදාවත් උබලා වෙනුවෙන් කතා කරලත් නෑ... කරන්නෙත් නෑ..



22 comments:

  1. සම්පූර්ණ ඇත්ත තමයි.

    ReplyDelete
  2. නොතිර සසරFebruary 13, 2014 at 9:00 PM

    දෙයියම්පා මසුරං කතාව. ඔය ටික ඔය විදියටම ලියන්න වෙලාවක් නැතුව හිටියේ.
    පොඩි අවුලකට තියෙන්නේ සම සෞඛ්‍ය සත්‍යග්‍රහයට අදට දින 51, ඒක නම් මහම මුරණ්ඩු වැඩක් කියලයි ආරංචි

    ReplyDelete
  3. +++++++++++++
    පේරාදෙණියෙ පරිසරය සුන්දර වුණාට, රැග් එක අතින් බැලුවහම අන්තිම කැත සරසවියක්. කොයි තරම් ළමයි සරසවි අධ්‍යාපනය එපා වෙලා මගදි දාලා යනවද? කොයි තරම් ළමයි මානසික රෝගවලට ගොදුරු වෙනවද? කොයිතරම් ළමයි වකුගඩු අකර්මන්‍යතාවය වගෙ බරපතල රෝගාබාධවලට ගොදුරු වෙනවද?
    හීනමානයෙන් පෙළෙන සුළුතරයක් හා කට අරින්න බය, තමන්ටය කියල කොන්දක් නැති බහුතරයක් නිසා, සරසවිය ඇතුළෙ නිර්මාණය වෙලා තියෙන්නෙ ජරාම සංස්කෘතියක්.

    ReplyDelete
  4. රැග් එක කියල මරාගෙන කන්න හදන ක්‍රමේ වෙනස් නොව්නොත් මේ වගේ කතා අහන්න වෙන්නෙ සහ අනිකුත් සත්‍ය දේ සදහා පෙනී ඉන්න තියන අවස්තාවල් ඔක්කොම නැති වෙනව.

    ReplyDelete
  5. පොල්ලෙන් ගහනව වගේ ප්‍රශ්නනෙ අහල තියෙන්නෙ... පව් බන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරන ළමයි අපහසුතාවයට පත් කරන්න එපා ;)

    ReplyDelete
  6. ඇල කිරි අය්යා......................ඔයා නියමයි .
    ඔය කැම්පස් වලින් අවුට් වෙන බුවාලාගෙන් 85%ක්ම ලිංගික අපයෝජන වලට නැබුරැයි.
    අවස්ථාවක් ලැබුනොත් නිකන් ඉන්නේ නැති බුවාලා තමයි ඉන්නේ ..
    අනේ අපොයි අපේ සංස්කෘතිය
    අපිට කියන්න වෙන්නේ ............අහෝ මගේ රට අහෝ මගේ සංස්කෘතිය අහෝ මගේ ආගම
    කියලයි

    ReplyDelete
    Replies
    1. නොතිර සසරFebruary 14, 2014 at 6:27 AM

      අනේ නිකන් පලයන් බන් යන්න ගොන් කතා නොකිය. ඇයි තෝ රිසර්ච් එකක් කලාද 85% කියන්නේ. ඔය වගේ හුදකලා සිදුවීම් කිහිපයක් ගාවල තමන්ගෙඇරියස් කවර් කරගන්න හදන එක පට්ට නින්දිතයි. මේ සිද්දියෙ ලොකුම ගැටලුව තියෙන්නෙ රැග් එකේ මානුශීය සීමාවල් අභිබවා ගිහින් තියෙද්දි අනිත් සිසුන්ගෙ නිද්‍රාශීලී හැසිරීම. වැරදිකරුවන්ට නිසි ලෙස දඩුවම් නොලැබීම වගේ දේවල්.

      ඒඇරෙන්න මේක තමන්ගෙ පෞද්ගලික න්‍යායපත්‍රයන් වෙනුවෙන් පාවිච්චිකරන එක නින්දිතයි.
      මේ සිද්දියෙදි ලමයි නිවැරදිකරු වෙනුවෙන් ඉදිරිපත් නොවීමේ ගැටලුව තමයි මූලිකම වැරද්ද

      Delete
    2. @නොතිර සසර
      //ඒඇරෙන්න මේක තමන්ගෙ පෞද්ගලික න්‍යායපත්‍රයන් වෙනුවෙන් පාවිච්චිකරන එක නින්දිතයි.
      මේ සිද්දියෙදි ලමයි නිවැරදිකරු වෙනුවෙන් ඉදිරිපත් නොවීමේ ගැටලුව තමයි මූලිකම වැරද්ද//

      ඔය මේකෙන් කියන්න අදහස් කරන්නේ මොකද්ද කියන්ඩකෝ?

      Delete
    3. ඔන්න හුදකලා කියපු නිසා මතක් කලා
      රූපා රත්නසිලී
      Selvanayagam Varapragash
      http://andarademala.blogspot.com/2012/02/blog-post.html

      http://archives.dailynews.lk/2010/08/17/fea20.asp

      http://lankacnews.com/english/news/stake-rice-and-wild-herbs-given-to-eat-at-freshers-rag-at-peradeniya/

      Delete
  7. ජේවීපී එකේ වැරදි වලට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ඇගිල්ල දික්කරන එක වැරදියි. සම-හරක් ජේවීපී එකේ වැරදිවලට බොහෝවෙලාවට සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට ඇගිල්ල දික් කරන්නේ විශ්ව විද්‍යාලයට යාගන්න වැරිවෙච්ච ඉරිසියාවට. පව්.

    ReplyDelete
    Replies
    1. සෝයි කතාව. අනේ බන් ඇනෝ උබත් ඇනෝ මාත් ඇනෝ. කොහොමද කියපන්කෝ අපි දෙන්නව වෙන් කරන්නේ? රැග් දෙන්නේ ජරා ජේවීපී අය, එතකොට පෙළපාලි යන්නෙත් ජරා ජේවීපී අය, උබට ඔලුවක් තියේ නම් ඔලුව අනික් පැත්තේ ගහගෙන මේ කතාව නොබලා මැදිහත්ව හිතපන්, තවත් සම-හරකෙක් වගේ කියවන්නේ නැතිව, ලියපු එකා කැම්පස් ද නැද්ද මම දන්නේ නෑ, හැබයි ඒකට ඔලුවක් තියෙනවා, ඒකට ඉරිසියාව කියන්න එපා

      Delete
    2. නොතිර සසරFebruary 14, 2014 at 6:53 AM

      මෙතන ජේවීපී කතාවක් නැනෙ. අසහනකාරයො කිහිපදෙනෙක් ජේවීපී කියල ලේබල් ගහල තමන් ගැලවෙන එක ලේසිනේ. උන් ජේවීපී වේවා නොවේවා කොහෙද කියල තියෙන්නෙ ජේවීපී සියල්ලෝම කොලුකාරයන් වියයුතුය කියල. මොන කැම්පස් එකේද ජේවීපී එක නිසා ලමයි දූශනය වෙලා තියෙන්නෙ? ඒක උන්ගෙ අසහනය වෙනුවෙන් කරපු වැඩක්. උන්ගෙ අසහනය පිටකරගන්න රැග් සීසන් එක පාවිච්චිකරල තියනවා. ඕක අද ඊයෙ විතරක් වෙන දෙයක් නෙවෙයි. රැග් එක විවිධ උපසංස්කෘතීන් තුල විවිධාකාරයි. නමුත් රැග් නැති කිරීම ඊට විසදුම වෙන්නෙ නෑ කොහෙත්ම. ඒකෙන් තවත් තත්වය දරුනු වෙනවා විතරයි. කැම්පස් වලින් ජේවීපී සමස්තයක් ලෙස ඉවත්වෙනව නම් හොදයි. ඒත් මේ වගේ ප්‍රශ්නඇති වෙන්න ජවිපෙ බලපෑමක් නෑ කොහෙත්ම.

      මම ජෙප්පෙක් නෙවෙයි.

      Delete
    3. මේ තියෙන්නේ. නම් ගම් එක්කම.බලපල්ලකෝ මුන් "අසහන" කුලකයට විතරද අයිති වෙන්නේ "JVP" කුලකයට අයිති නැතිද කියල.
      http://www.lankaguardian.com/2014/02/blog-post_16.html

      "2011 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් යැයි කියාගත් මානසික අසහනකාරයන් වන ජී. ජී. චරිත ලක්‌මාල්, ඡේ. ඒ. රුචිර මධුශංඛ හා පී. යුෂාන් සඳරුවන් යන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨ සිසුන් තිදෙනා නවක සිසුවෙකු පැහැර ගෙන ගොස් නවක වධය කියා එම සිසුවාට බලහත්කාරයෙන් ගුධ ලිංගික අපහරණයක් කළහ​."

      Delete
  8. මට හිතෙන්නෙ අපට තිබෙන ලොකුම ප්‍රශ්නෙ කෙළින් කතා කරන්න බැරි එක.රැග් කරන්නෙ නවක සිසු සිසුවියන්ට ලිංගික අපයෝජන කරන්න ජනතා විමුක්ති පෙරමුණ වීසින්ය කියන කතාව හැමෝම දන්නව.ඇයි ඒක කියන්නෙ නැත්තෙ.ඇයි ජේවීපී දෙතුන් දෙනෙකුට සමස්ත සරසවියක් පාලනය කරන්න දෙන්නෙ

    ReplyDelete
  9. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete
  10. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාවයක් නොමැත​. අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැදගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත් අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති.

    හිඟන්නාට කෙලින්නේ තවත් හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. අන්තරය , මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන් ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. නමුත් මේ හීනමාන හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ , කැනඩාවේ විශ්ව විද්‍යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස් අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ.

    ReplyDelete
  11. රැග් කිරීම වර්තමාන ජරා තත්වයට පත් වීමට බල පෑ එක ප්‍රධාන හේතුවක් කියල මට හිතෙනවා 1990දී විතර සිද්ද වෙච්ච බ්‍රේක් එක. ඒ කියන්නෙ දිගටම පැවතීගෙන ආපු රැග් සංස්කෘතිය නැවතිලා අළුත් රැග් සංස්කෘතියක් පටන් ගත්ත එක. කලින් සංස්කෘතිය යටතේ රූපා රත්නසීලි වගේ හුදකලා සිදුවීමක් දෙකක් විතරයි සිද්ද වුනේ. දැන් සිය දිවි නසාගැනීම් හැරුණාම ලිංගික අපයෝජන, මංකොල්ලකෑම් වගේ හැම අපරාධයක්ම වෙනව නේද?
    මේක මගෙ උපකල්පනයක් විතරයි. කාටහරි පුළුවන්නම් පොඩි රිස්ර්ච් පාරක් දාන්නකො.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: