Sunday, April 13, 2014

ඔබත් බූරුවෙක් ද ?

    


  දැන් විනාඩි කීපෙකට කලින් පාර පැත්තෙන් මහා විලාප සද්දයක් ආව.. ඒ වෙලාවෙ මම මගෙ යලුවෙක් එක්ක ගෙදර වත්තෙ වාහනේ හරවන ගමන් හිටියේ වලියකට ගෝරියකට එහා ගියපු සද්දයක් හින්දා අපි දෙන්නත් ඒ පැත්තට දිව්වා.. 

ගෙවල් කිට්ටුවම ගෙදරක ජොඩුවක් තමුන්ගේ දුව බලන්න ත්‍රීවිල් එකෙන් ගිහින් ව්ල් එක පෙරලිලා ඒ අම්මා එතනමයිලු.. ආරංචි විදියට ත්‍රීවීල් එක පදවපු කෙනා සෑහෙන්න හොදට අවුරුදු සමරලා තමා වීල් එකට ගොඩ වෙලා තියෙන්නෙ. මගෙ යාලුවාගෙ කඩෙන් බඩුත් අරගෙන තමා ඒ අම්මා ටික වෙලාවකට කලින් එතනින් ගිහින් තිබ්බෙ.

කොහොම නමුත් දුකට , සැපට , මගුලට , අවමගුලට නැතුවම බැරි ලාංකීය ජනයාගේ උත්සව වල මූලිකම අවශ්‍යතාවයක් නිසා. පවුලකට අම්මා කෙනෙක් නැති වෙලා.. හෙට අවුරුදු සමරන්න සතුටින් ඉන්න මොන තරම් බලාපොරොත්තු තිබ්බද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරක් වෙන්න පුලුවන්.. මොකද ඒ මනුස්සයගේ ඒ බලාපොරොත්තු අර පදමට බිලා වාහනේ අතට ගත්තු පොල් බූරුවට තිබුනනම් ඔය මී හරක් වැඩෙ කවදාවත් නොකරන්න තිබ්බා
මට ගොඩක් වෙලාවට හම්බවෙලා තියනවා මගේ යාලුවෝ හිතවත්තු සහ නොදන්නා අය බීලා වාහන එලවලා පුරසාරම් දොඩවන. මේ ලගදි එකෙක් කිව්වා

 " මම පොල්ගහවෙල ඉදලා ආවා ඩෝ හොදට ගසලා එකෙක්ට මාට්ටු නෑ කියලා."

 ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා.


කියන්න තියෙන්නෙ මෙච්ච්රයි බොනවනම් බීලා වාහන එලවනවනම් තමුන්ගේ දරුවෝ ගෑනි බස් එකකටවත් දාල යවපල්ලා . මැරෙන්නම ඕන නම් තනියම මැරියල්ලා.

කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ

7 comments:

  1. බොන එකා බුරුවෙක් වෙන්නේ බොන ආකාරය සහ බොන ස්ථානය අනුවයි. කාටවත් කරදරයක් නැතිව ගෙදරට වෙලා දෙකක් දාගන්න මමනං බූරුවෙක් වෙන්න බැහැ.

    ReplyDelete
  2. //ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ//

    මේ ලෝකෙ තාම පරිපූර්ණ මිනිස්සු බිහිවෙලා නැති නිසා බිව්වට කමක් නෑ එහෙනං.

    මට මතක් වෙන්නෙ අර කොටලුවන්ට මිදි රොඩුයි අස්සයන්ට මිදි යුෂයි දුන්නු කතාව!!

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  3. බොන හැම එකාම බූරුවෙක් නෙමෙයි. බීල වීරයො වෙන්න යන උං තමයි බූරුවො.

    මලයටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  4. "කවුරු මොන අර්ථ දුන්නත් බොන එකා කියන්නේ බූරුවෙක් ඌ එහෙම බොන්නෙ තමුන්ගේ හිස් තැන ඒ මතෙන් පුරවගන්න. ජීවිතේ පිරුන මිනිහෙක්ට ඔය ජරාවෙන් පුරවන්න හිඩැසක් නෑ"
    well said.

    ReplyDelete
  5. Ow mama Genuine booruwek

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. "ඌ හිතාගෙන හිටියේ ඌ සින්බෑන්ඩ් වගේ පට්ට වීර චාරිකාවක් ගියා කියලා"

    පට්ටම කතාව

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: