Tuesday, August 19, 2014

වාරියපොලින් බොදවූ පුරුෂ අභිමානය





අර වාරියපොල කෙල්ලෙක් කොල්ලෙක්ට ගහපු සීන් එක ශ්‍රී ලාංකීය පුරුෂ අභිමානෙට ගහපු හෙන කනේ පාරක් කියලා මහා ලොකු සීන් එකක් අන්තර්ජංජාලෙ පුරා යනවනෙ.

එතකොට බං පුරුෂ අභිමානේ කියන්නෙ ගෑනුන්ගේ පස්සවල් දිහා බල බල කොචොක් කරන එකටද ?.

මං දැක්කා එක තැනක කියලා තියනවා එක පුරුෂ මල්ලි කෙනෙක්. ඔහොම විහිලුවක් කලා කියලා ගහන්ඩ ඕනද ඔව්වා ලංකාවෙ නෙවෙන දේවල්ද අහලා ඒ වගේම කෙල්ල ඇදන් ගිය ඩෙනිම හිර වීමත් අත් පලපු ටීශර්ට් එකත් හෙනට විවේචනය කරලා තිබ්බා.

ඒත් මට පොඩි ප්‍ර්ශ්නයක් තියනවා.. 

මහ පාරවල් වල පුක පල්ලෙ කලිසම ඇදගත්ත කුඩු කට් ගහගත්ත පුරුෂ මල්ලිලා  ඕන තරම් ඉන්නවා මම කවදාවත් දැකලා නෑ කෙල්ලෙක් එහෙම කොල්ලෙක්ට

" ආ.. අයියා පල්ලෙන් හුලං වදිනවද කියලා " අහනවා..

පට්ටම විහිලු කාරනේ තමා මුස්ලිම් ගෑනුන්ගේ හිජාබ් එකට නහින්න හදන උන් කෙල්ලගෙ අත් පලපු ට්ශර්ට් එකට  ගේම ඉල්ලනවා..

යකෝ තමන්ගේ ඇග වහගන්නෙ මොකෙන්ද කියලා තීරනය කරන්නෙ වත්ත වටේ ඉන්න උන්ද නැත්තං ඒ ඇග අයිති එකාද. 

එක හාල්පාරුවෙක් තැනක ලියලා "මේකි පට්ට බඩුවක්නම් ඔහොම ඇන්දත් කමක් නෑ කියලා.. " එතකොට පට්ට කල්ලකට විතරද හිරට ඩෙනිමක් අදින්න පුලුවන්.

බුකියේ උත්තම තර්ක වලට අනුව..

සමාව ඉල්ලනකොට පහරදීම..
වටේ උන්ගේ පවර් එකට පහර දීම .
කෙල්ලගෙ කලු කැත රූපය
වගේ දාහක් දේවල් ගැන කතා කරනවා..

ඒත් ඒ කෙල්ල දවස් කීයක් ඔය වගේ කතා ඇහුවද කියලා අහන්න එකෙක් නෑ මිනිස්සුන්ට ඉවසීමෙ සීමාවක් තියනවා.. ඒ කෙල්ල හැමදාම ඕක අහල අහලා බැරිම තැන ඕක කලාද කියලා මුං අහනවද ?

මෙතන පිංපියෝ වගේ කෙල්ලට බැනලා ටෝක් දෙන උන්ගේ

අම්මා කෙනෙක්ට හරි නංගිට හරි ගෑනිට හරි පාරෙ ඉන්න කුඩ්ඩෙක්  "පට්ට බඩුව" කිව්වොත්

ඔය තැන් තැන්වල පුරුෂ කොමෙන්ට් කොටන හල්පාරුවො උන්ට පිරිත් නූල් බදී මං හිතන්නෙ

බුකියෙ හැම තැනම කෙල්ලට බැන බැන ගෑනු සංහතියට පොර ටෝක් දෙන උන්ට අමතක ඇති උන් උපන්නෙත් ගෑනියෙක්ගෙ බඩින් කියලා

 නොදකිං එහෙව් පොන්නයන්ගේ පුරුෂ අභිමානේ

19 comments:

  1. Meka kellanta anawshya wihilukarana ewwanta hondapadamak wewi,hemadama ahinsaka kellokarabagena giyata mepara hariyanaekak setwela.Bendapu ekeknam gedarinuth BadumaThami,Ewagema Matapenne megenulamayath wede edagenayanawa wedibawai.Kagehari Power ekakuth thiyena bawai "Kawrukiyalada Hithagaththe"Kiyanaeken therenne.

    ReplyDelete
  2. මං හිතන්නෙ ඔයා ජීවිත් වෙන්නෙ වෙනම ලෝකෙක. ඔතනදි පැහැදිලිවම කොල්ලා එක වචනයක් කියන්නෙ නැහැ..කොල්ලා වචනයක් දෙකක් දාල අතක් උස්සගෙන ආවනම් කෙල්ල සයිලන්ට් වෙනවා..
    එහෙම නොවුන නිසා කෙල්ල නිකං බොරු වීරයා වෙනවා..
    ගෑනු පිරිමි විහිලු කරගන්න එක මේ අද ඊයෙ ලෝකෙ පහත් වෙච්චි දෙයක් නෙමෙයි. ගෑනු ටිකක් එකතු වුන තැනක පිරිමි ගැන මොන විදියෙ දේවල් කතාවෙනවද කියලා ගෑනියෙක් වෙලාම තමයි බලන්න ඕනි..
    ගෑනු කියන්නෙ මේ ඊලග අාත්මෙ බුදුවෙන්න පෙත්ත ගහල ආපු අය නෙමෙයි. දෙගොල්ලම එක වගේ. මේ නංගි නිකං බොරු පඩ ශෝ එකක් දානවා.. කොහොම වුනත් මේ නංගිගේ සාමාන්‍ය ගතියනම් නංගිට මේ අයියා වගේ අයියලා ඉන්නෙ ටික දෙනය් කියලා ටික දවසකින්ම තේරේවී..එදාට සමාර විට අර ඉන්දියාවෙ ඇසිඩ් වැදුනු නිරූපිකාවන්ට ගිහිපු කලදසාව වගේ එකක් නංගිට උදා වේවි..
    කාන්තාවට හිංසා වෙනවානම් ඒවාට ඒ අය විරුද්ධ වෙන්න ඕනි..නමුත් ඒක කෙරෙන්න ඕනි මේ විදියට නෙමෙයි. මේක කිසිම පූර්වාදර්ශයක් හෝ ඒ ආසන්නයටවත් ගන්න බැරි තනි පිස්සු කේස් එකක්..

    ReplyDelete
    Replies
    1. ube nangiwa tikakata ewanna barida? ekith baduwak neda?

      Delete
  3. මහත්තුරුනේ දැන් ෆේස්බුක්වල පදිංචි වෙලා ඉන්න ඇත්තො සෑහෙන්න මහන්සි වෙනවා මේ කෙල්ලව ගනිකාවක් කරන්න කෙල්ලව රස්තියාදුකාරියක් කරන්න. මටනම් කියන්න තියෙන්නෙ මෙච්ච්රයි අරූ ගුටිකෑවේ කෙල්ලට මල් පූජා කරන්න ගිහින් නෙවේ නේ. ඌ ව්අගේ කුඩ්ඩෙක් වෙනුවෙන් පෙනී සිටින්නෙත් ඌ වගේම නෝන්ජල් මානසිකත්වයක් තියන උන්ම තමා. කෙල්ලගෙ රස්තියාදු පාට් ගැන කතා කරන්න පුලුවන් කොල්ලගෙ රස්තියාදු පට් කමක් නෑ. ඇයි රස්තියාදු කම කියන්නෙ කොල්ලන්ගේ පුරුශ ලක්ශන වලට ඇඩ් වෙලා උප්පත්තියෙන් එන මහා ලොකු ගුනාංගයක් ද ? දැං ඉතිං බුකියෙ ඉන්න ඔය වගෙ අසහනකාරයොයි. මේ වගේම ගෑනු කිචොයි අර කෙල්ලව පතුරු ගහයි. මොකද තමන්ගෙ හෙලුව එලිවෙනවනෙ.

    ReplyDelete
  4. මේකත් ජාතිවාදය වගේ කැටගරි ගොඩකට කට්ටි කට්ටි කැඩිලා එක එක අදහස් දක්වනවා. :D

    ReplyDelete
  5. ඔක්කොමත් හරි පින්තූරෙත් හරි හර්ෂණ!

    මේ පහර කෑමට ලක්වෙන තරුණයා ද්‍රවිඩ කෙනෙක් නිසා තව ඩිමෙන්ෂන්ස් එක්කහු වේවි කතිකාවට

    ReplyDelete
  6. නෑ බං... මෙතන අවුල තියෙන්නෙ මෙච්චර කාලෙකට හොඳට ඇඳගෙන පාරෙ බැහැලා යද්දිත් කුණු කතා කිය කිය හිනාවෙච්ච එවුන්ට කෙල්ලො ඇපහු හැරිලා වැඳල ආපු නැති එක... බම්බුව තමා....

    පාරෙ යද්දි කෙල්ලෙක්ට කී දාහක් කරදර වෙනවද කියල දන්න එකෙක් නං ඔය කෙල්ලගෙ මානසිකත්වය තේරුං ගන්නව.. ඒක තේරුම් ගන්න බැරි එවුන්ට තියෙන්නෙත් ඔය වගේ තුට්ටු දෙකේ වැඩ කරන එවුන්ගෙ පහත් මානසිකත්වයම තමා...

    මම නං අම්මපා කුඩේ කැඩෙනකං ගහලා තියෙනව බස් වලදි ඔය වගේ එවුන්ට..... ඔය කොල්ල මොකවත් නොකල කියන එවුන්ට ඉතිං කියන්න තියෙන්නෙ ‌කොරන කියන දේවල් හැම එකම වීඩියෝ වෙන්නෙ නෑ කියල...

    ReplyDelete
    Replies
    1. හිරු @ පොලීසිය කියලා ආයතනයක් ලංකාවේ තියෙනවානේ,තරමක් අවුල් තමයි ඒත් නීතිය මේ විදිහට හරි රැකිලා තියෙන්නේ පොලිසිය නිසයි.මේ කෙල්ලට පොලිසියට යන්න තිබුනනේ.මේ කෙල්ල දේශපාලන ගොට්ටියක් නිසානේ මූට මේ නෙලන්නේ,තව ටික දවසකින් මේකිගේ හතර හන්දි කැඩුවොත් එදාට කවුද වගකියන්නේ.

      Delete
    2. හුටා...කුඩ කීයක් කඩලා තියෙයිද දැන් හිරුවා ?

      Delete
    3. මෙතන දේශපාලන සීන් එකක් තියෙනවද කියලනං මං දන්නෙ නෑ අනෝ... ඒත් කෙල්ලෙක් හැටියට මම මූණ දීලා තියෙන දේවල් එක්ක කල්පනා කරල බලුවොත් ඔය වගේ දේවල් වලට පොලිසි ගිහින් වැඩක් නෑ... මෙලෝ යකෙක් යන්නෙත් නෑ... මොකද පොලිසී ගියාම වෙන්නෙ මීටත් වැඩිය හිත් රිදීම්... මතකනෙ අර පහුගිය කාලෙ ත්‍රීවීල් අයියලගෙ කතන්දරේ වෙලාවෙදි පොලිසී ගිහින් උසාවි ගිහින් ඊළඟට පොලීසි ගිය ගෑණිගෙ ගවුමෙ කොට ගැන මහ ලොකුවට කතා කළා මිසක් අරුන්ගෙ පහත් හැසිරීම ගැන කතා කළේ නෑ නෙ මොකෙක්වත්...

      ගොඩක් වෙලාවට අපිත් කරන්නෙ ගනං ගන්නෙ නැතුව යන එක මිසක් හැරිලා වත් බලන එක නෙවෙයි... ඒ උනාට කණ පැලෙන්න ගහන්න හිතෙන්නෙ නැතුව නෙවෙයි... තමුන්ගෙ පාඩුවෙ බස් එකක යන්න බැරි තරං කරදර එක්ක පොඩි දේටත් මල පනින එක සාදාරණ නැද්ද මං අහන්නෙ...

      අනිත් කතාව තමයි මේ කෙල්ලගෙ ඇඳුම ගැන කතා කර කර, ඒ කෙල්ලව වේසියක් කරන්න හදන්නෙත් මුස්ලිම් ගෑණුන්ගෙ බුර්කාව ගලවන්න මහ ලොකුවට කතා කරන උන්දැලම වීම තමයි...

      කුඩ නං කඩපු ගාන මතකත් නෑ සිංදුවා... හි හි

      Delete
    4. පැමිණිලි කරන්න ගියාම වෙනදේ :-)

      Delete
    5. හිරු @ඔබ සමඟ දිගින් දිගට වාද කිරීමට කැමැත්තක් නැහැ.නමුත් ගුටිකන්නේ ගැහැනියක්ද පිරිමියෙක්ද කියන කරුණ පැත්තකට දමන්න මේ සිදුවීම හිංසාවට ලක්වෙන ගැහැනුන්ට පුර්වාදර්ශයක් ලෙස ඔබ සිතනවද?.මේ සිදුවීම අනිත් පැත්තට සිදුවුනානම් ඔබ කියන්නේ මේ දෙයද?.එවිට ඔබ කියන්නේ පහර දුන් තැනැත්තාට නීතියෙන් දඬුවම් ලැබිය යුතු බව නොවේද?.කොතරම් අඩුපාඩු තිබුනත් මේ ප්‍රශ්නය පොලිසිය ඉදිරියේ විසඳා ගතයුතුව තිබුනා.එක අතකින් මේ කෙල්ලගේ ජීවිතයත් දැන් අනාරක්ෂිත වී තියෙනවා.මේ සිදුවීම දඩමීමා කරගෙන ඇයට කිසියම් ආකාරයක අපරාධයක් සිදුවුවොත් වගකියන්නේ කවුරුන්ද?

      Delete
    6. මම ගිය සතියේ වැඩට යද්දී 9 10 වසරෙ වගේ කෙල්ලො තුන් දෙනෙක් මොකක්දෝ විහිලුවක් කලා. මට ඇහුනෙනැම් නැහැ. හැබැයි දැන් ඔයා කියන විදිහට මම ඒගොල්ලන්ගෙ කනට ගහන්න ඔනිද? එහෙම නැත්ත්න් කාගෙන්හරි කුඩයක් ඉල්ලගෙන ඒක කැඩෙනකන් ගහන්න ඔනිද? එහෙම ගහල මාව පොලිචියට අරන් ගියොත් ඔයා මට support කරයිනේ මේං කියලා. එතකොට ඕගොල්ලො කියයි ගෑනුන්ට ගහන්න තමුසෙට ලැජ්ජා නැද්ද කියල?

      Delete
  7. Ano.policeiya kiyalaekak Thiyenawada? Aa ehenankamak ne.

    ReplyDelete
    Replies
    1. avul thamayi eth ehema ekak thiyenavaa.paharagena giya avurudu 4 daruva beraagatthe

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සේනක කුනුහරුප වලින් කතා කරන්න එනවනම් තොගේ තාත්තවත් අහලා නැති කුනුහරුප මම දන්නවා.. හැබෙයි මම උබ වගෙ පොන්නයෙක් නෙවෙ.. මට තොට වගෙ පාරවල් ගානෙ ඉදගෙන ගෑනුන්ගෙ අදුම් වලටයි පස්සවල් වලටයි එක එක කිය කිය ඉන්න වෙලාවක් නෑ. මට ඒ වගෙ අසහනේකුත් නෑ.. මට කොන්ද පන තියන නිසා තමා එලිපිට මේවා ලියන්නෙ. තොට කොන්ද පන තියනවන්ම් ඉස්සරවෙලාම හැංගිලා ටෝක් දෙන් නැතුව එලිපිට කතා කරපන් .

      Delete
  9. ඕකෙ මෙහෙම දෙයක් තියනවනෙ හර්ශණ​. ඕනම මිනිහෙකුට තමන්ට කැමති විදිහට ඇඳගෙන යන්න පූර්ණ නිදහස තියනව​. නමුත් ඔය සීන් එකේ ඉන්න නංගි ඇඳල ඉන්නෙ ටයිට් ඩෙනිමක්. ටයිට් ඩෙනිම හරියන්න හොඳ කකුල් දෙකක් සහ හැඩයක් තියන පුකක් තියෙන්න ඕනෙ. කෙට්ටු කකුල් දෙකකට ඕක ඇංදොත් හරි කැතයි(අර ලබ්බෙට ඉරටු ගහපු සීන් එක​).

    කොල්ලෙකුටත් වැඩිය කෙල්ලෙක් උනහම මොන ඉලව්ව ඇංදත් තමුන්ට ගැලපෙන විදිහට අඳින්න පලදින්න ඕනෙ. මම කියන්නෙ මේ සෙක්සි විදිහට අදින්න එපා කියල නෙවෙයි. අඳින රෙද්ද තමුන්ට ගැලපෙන්න ඕන කියන කේස් එක​. නැත්තන් ඒක විහිලුවක් වෙනව. ඒ වගේ විගඩමක් දැක්කහම කොල්ලො විහිලු කරනව​. කටිං නොකිව්වත් හිතිං හරි. ඕක ගැන තමන්ට තේරෙන්නෙ නැත්තං අඩුගානෙ ෆිට් යාලුවෙක්ගෙන් හරි අයිඩියා ගන්න ඕනෙ.

    අඳින එකේ ඉඳල අපිට කොච්චර මූලික අයිතිවාසිකම් තිබුනත් අපි කරන කියන දේවල් යම්කිසි ප්‍රමාණයක් මේ සමාජෙට මැච් කරන්න වෙනවා. නැත්නම් පැවත්ම අඩුයි.


    අනික කොල්ලො කියන්නෙ කොල්ලො. සහ කෙල්ලො කියන්නෙ කෙල්ලො. කොල්ලො කෙල්ලන්ට විහිලු කරන එක ලෙඩක් නෙවේ බං. ඒක තමා ලෝක සොබාව. ඔය වගේ සීන් වලදි වැඩේ ගොඩ දාගන්නෙ කොහොමද කියන එක මොලේ තියෙන කෙල්ලො දන්නව​.

    ගහන්නම උනත් එක පාරක් හොදටම ඇති. අර කොල්ලගේ ඉවසීම සහ වටේ ඉඳන් සීන් එක එන් ජෝයි කරපු පොන්න සෙට් එකෙන් ෆෝම් වෙලා පැය බාගයක් විතර අරූට නෙලපු එක හරි අසික්කිතයි බං.

    කොල්ල නූගත් එකෙක් උනත් ඒකට මොලේ තිබ්බ​. ඌ අතක් තිබ්බනම් අද එතන වෙන්නෙ ජාතීවාදි කේස් එකක්.

    බුකියෙ ඉන්න එකාල මෝඩ චූන් එක උපරිම විදිහට ගත්තා. කෙල්ල වැරදියි. නමුත් වලිය වෙලාවෙ අතනොදා පස්සෙ චරිත ඝාතනෙන් මෝඩ චූන් ගන්න එකත් තුප්පැහියි.

    ReplyDelete
  10. hoo... hoooo... hoooo

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: