Thursday, August 28, 2014

ආයෙමත් වාරියපොලට



                                         මට මතක හැටියට ඒ 2008  අවුරුද්ද ඒ වෙනකොට මම වැඩකලේ  කෑගල්ලේ.  මම වැඩකරපු පරිගනක මෘදුකාංග සමාගමෙන් කෑගල්ලේ ආයතන 4ක තිබ්බ මෘදුකාංග නඩත්තුව තමා මට පැවරිලා තිබ්බෙ. සංසාරේ එපා වෙන බස් ගමනකින් පස්සෙ පැය ගානක් කෑගල්ලෙ හතර පොලකට ඇවිදලා ආයෙම සංසාරේ එපා වෙන බස් සංචාරෙකින් ගෙදර එන එකෙන් තමා ඒ දවස් වල මගේ සාමාන්‍ය දින චරියාව ඉවර උනේ.   කෑගල්ල කියන්නෙ පුදුම තදබදයක් තියන ටවුමක්.. හවස 5.30 ට නුවරට එන්න බස් එකකට නැග ගන්න  ආමි එක නන්දිකඩාල් වලට එන්න කාපු කට්ටට වඩා ලොකු කට්ටක් කා ගන්න ඕන.. අනික ඉක්මනට නුවරට එන්න නම් දුර ඉදලා එන බස් එකකට නැග ගන්න ඕන  නැත්තං අඩුම පැය 2ක් වත් මග තමා. ඉතිං ඔය කාලෙ මම එල්ලෙන්නෙම බිබිල - කොළබ බස් එකක..

                     ඉතිං ඔය විදියට එක දවසක මම බොහොම අමාරුවෙන් අත පය සේරම එකතුකරගෙන බිබිල බස් එකකට නැගගත්තා.. ඒ එක්කම උපකාරක පන්ති වලට ගිය පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ලමයි කීපදෙනෙකුත් බස් එකට නැගගත්තා.. කට කපලා සෙනග පිරුනු බස් එක  දැන් හැටට හැටේ නුවර බලා එන ගමන්.. ඔය අතරේ මට එහා පැත්තෙන් පොඩි කසුකුසුවක්  අර පාසල් නිල ඇදුමෙන් හිටපු ගෑනු ලමයෙක්ට අවුරුදු 28 ක විතර  කොල්ලෙක් මොන මොනවදෝ කියනවා.. මම මුලින් හිතුවේ මේ කෙල්ලගෙ කොල්ලා වෙන්න ඇති කියලා. ඒත් අර ලමයා සෑහෙන්න අපහසුවෙන් වගේ හැසිරෙනකොට තමා මමත් මේ මොකක්ද වෙන්නෙ කියලා ටිකක් උනන්දුවෙන් බැලුවේ..

අර කෙල්ලගේ උරහිස ලගින් බෙල්ල ඔබාගෙන අර කොල්ලා අර ලමයට එක එක දේ කියනවා..


" කොහෙද ගෙවල්  මාවනැල්ලෙද ? "

" අපෝ  ඔච්ච්ර බයද "

" අපි යක්කු නෙවෙ හලෝ "

" ඕවා පරිස්සම් කරන්නේ කාට දෙන්නද "


"ඉස්සරහින් බහිමු  රෑ වෙන්න කලින් ගෙදරට ගිහින් දාන්නම් "

ඔය අනිතිම කතාවක් එක්ක අර ලමයට හයියෙන් ඉකි ගැහුනා... 

ඔය වෙලාවෙ ඔය කතාව අහුනෙ මට විතරක් නෙවෙ ඔය ලමයාට සිද්ද උන දේ දැක්කේ මම විතරක් නෙවෙ. හැබැයි මාත් ඇතුලු බස් එකේ හිටපු කිසි එකෙක් ඕක ඇහුනෙත් න දැක්කෙත් නෑ ගානට හිටියා.. අපිට මොකටද නේ අනුන්ගේ දේවල්

අර වාරියපොල කෙල්ල වගේ අරුගේ හොම්බට දෙකක් ඇන්නා නම් ටක් ගාල ෆෝන් එක අරගෙන ඕක වීඩියෝ කරලා නෙට් එකට දාල  " කොල්ලා කිව්වෙ හවසට පන්සල් යමු කියලා " ඒ තරම් පුංචි දේකට මේ කෙල්ල  අරූට කනට ගැහුවනේ කියල පට්ට සමාජ කතිකාවක් බිහිකරන්න තිබ්බ චාන්ස් එක ඒ මොඩ කෙල්ල නැති කලා.

හෝව් .. හෝව් කතාව ඉවර උනේ නෑ...

ඉතිං .. අර ලමයා ඇස් වල කදුලු පුරවගෙන  ඇබරෙනව ඉවරෙකුත් නෑ අරූ වද දෙනවා ඉවරෙකුත් නෑ..  මම හිටියේ බස් එකේ සීට් දෙකක් අල්ලගෙන බස් එකේ දකුනු කෙලවරේ ඒ ලමයා මට එහාපැත්තේ බලන් ඉදලා බැරිම තැන මම ඔලුවෙන් ඒ ලමයට කිව්වා මම  ඉන්න තැනට එන්න කියලා.. ඒ ලමයා මම ඔලුවෙන්  මෙහෙට වර කියනකොටම මම ඉන්න පැත්තට එන්න හදනකොටම අරූ.. මමත් ඒ ගෑනු ලමයත් මැදට උනා.. ඊට පස්සෙ ඌ මං දිහා බලලා මෙහෙම කිව්වා..

" මේ මල්ලි අනුන්ගේ සීනි කිරන් නැතුව ඉන්නවද "

ඒ වචන ටික ඉවරවෙනකොටම මම අල්ලගෙන හිටපු සීට් එක ලගින් ලොකු ට්‍රෙවලින් බෑග් එකක් උඩට විසිවෙනවා මම දැක්කා.. ඒ එක්කම මගේ මුලු සරීරෙම සයිස් තරම් ලොකු  අතක් අරූගේ මූන පුරා යනවා මම දැක්කා.  මේ මොකක්ද යකෝ උනේ කියලා හිතාගන්නත් මට සෑහෙන වෙලාවක් ගියා. මම අල්ලගෙන හිටපු සීට් එකේ වාඩිවෙල හිටිය කොල්ලා සීන් එක දිහා සෑහෙන වෙලාවක් බලාගෙන ඉදලා තියන වගත් අන්තිම වෙලාවෙ ප්‍රාහාරේ එල්ල කලේ ඌ කියලත් මම තේරුම් ගන්නකොට අරුගේ කටේ දත් දෙක තුනක් බස් එකේ.  ඇහුන විදියට ගහපු කොල්ලා ආමි එකේ නිවාඩු යන එකෙක්..

කොහොම හරි  වලිය නිසා බස් එක අයින් කරලා නැවැත්තුවා, අරූ මාස ගානකට කටින් බත් කන්ඩ බැරිවෙන තරමට ගුටි කාල හිටියේ ඒ වෙනකොට..  අද වගේම එදත් බස් එකේ මහත්තුරු  නෝනලා ඔක්කොම සිද්ධිය හොරෙන් බලන් ඉදලා .  හෙලා දැකීම් ,  සෝක ප්‍රකාශ , අවවාද කිරීම. මල් වඩම් දෙන්න පටන් ගත්තා..  අන්තිමට කොන්දොස්තරත් ඇවිත් අරූගෙ කනට දෙකක් ගහලා බස් එකෙන් එලියට දැම්මා.. "මූ මීට කලිනුත් බස් වල කෙල්ලෝ චාටර් කරවල කන්න ගියා මල්ලි " කියලා තමා කොන්දොස්තර ඌට චරිත සහතිකේ දුන්නේ..

ඔය කෙල්ලොන්ට පාරෙ වෙන දේවල් වලින්  මම දැක්ක එක දෙයක් විතරයි..

අර වාරියපොල කෙල්ලව ඉන්ටනෙට් එකේ පතුරු අරින අයියලගේ ප්‍රසිද්ධ තේමා පාඨය තමා.

කොල්ලා කිව්වෙ  " ඔයාගෙ ඇදුමේ හැමතැනම හිල් " කියලා විතරයි ඒකට විනාඩි 45ක් ගහන්න ඕනද කියලා.

ශුවර් එකටම ඌ ඕක ඔය විදියටම අහන්න ඇති නේද.. මම හිතන්නෙ ඌ ඕක අහලා කෙල්ලට ටේලර් ශොප් එකක නම්බර් එකත් දෙන්න ඇති ඇදුම මහගන්න .  ඌ බස් ඉස්ටෑන්ඩ් එකේ ටොයිලට් එක ලගට වෙලා කෙල්ලන්ගේ හැදියාව චෙක් කරලා සුමගට එන්න උපදෙස් දෙනවා ඇති නේද,.

තම්න්ගේ අම්මා.. තමන්ගේ නංගී .. තමන්ගේ ගෑනි  පාරක ඉන්න වෙලාවක ඔය විදිය එකෙක් ඇවිත් කොහෙ හරි යන්ද හවසට ගෙදරට ගෙනත් දාන්නම් කිවොත්..

තොපි ගෑනිවත් එක්කරගෙන   ලඟම තියන පොලිස් ස්ථානෙට යනවද..

ගෑනියෙක් උනත් පිරිමියෙක් උනත් මොකෙක් උනත් ඒ පුද්ගලයට තියනවා මානව අයිතිවාසිකමක් . තමුන්ට ඕන විදියට ජීවත් වෙන්න. පැය 24ම ඉන්ටනෙට් එකේ  වැල බලන උන් තමා අද කාන්තා අයිතිවාසිකම් වල මට්ටම තීරනය කරන්නෙ..

මීට කලින් මම මේ ගැන කිව්වම එකෙක් කියලා තිබ්බා මම ගෑනුන්ට කඩේ යනවා කියලා..

ඔව් යකෝ .. මොකද

මගේ අම්මා ගෑනියෙක්..

ඒ වගෙම මට ගෑනියෙක් ඉන්නවා..


මගේ අම්මට මගේ ගෑනිට කුඩ්ඩෙක් මොනවහරි කිව්වොත් දැනෙනෙ දේයි  වෙන ගෑනියෙකුට කුඩ්ඩෙක් කරදර කලාම දැනෙන දේයි  වෙනස් වෙන්න ඕනද..

එතකොට ගෑනි කියන කුලකෙට තමන්ගේ අම්මා , නංගී , ගෑනි අයිති වෙන්නෙ එක එක මට්ටම් වලින්ද..

ඉන්ටනෙට් එකේ පැය 24ම වල් පත්තර බල බල , ෆේක් බුකි හදාගෙන කෙල්ලන්ට මැසේජ් යව යව ඉන්න නපුංසකයංගේ මහා විරෝධතා වි‍යාපාරේ දැන් නැගලා යනවනෙ.  කෙල්ලව පොලිසි ගෙනත් පුරුශ අබිමානේ රැකගත්තනෙ.

තූ නොදකිං.. අම්මගෙ රෙද්දෙ පිරිමිකම

යකෝ ගෑනියෙක් කියන්නෙ වලලු කරේ ඉදලා බෙල්ලට යනකම් කෑලි වල දිග පලල බලලා ආතල් ගන්ඩ හදපු යන්තරයක් නෙවෙ.

ගෑනුන්ට විහිලුවක් කරන එක  මහලොකු දෙයක් නෙවෙ කියලා එකෙක් බුකියෙ ලියලා තිබ්බා උගේ බහුශැත දැනුමට අනුව ඒක ජීවවිද්‍යාත්මකව හා සමාජයේ සාමාන්‍ය දෙයක්ලූ.. එවා විදගන්න බැරිනම් එක ලෙඩක් ලු..

පුලුවන් නම් ඌ හොයාගෙන පොඩි වැඩක් කරලා බලනවද ..

වැඩිය එපා සතියක් යනකම් උදේ හවස ඌ දකිනකොට උගේ අහවල් එක  කොටද දිගද කියලා අහපල්ලකෝ..  එතකොට ඌටම තේරෙයි  ගෑනියෙක් පාරක යද්දි දවස පුරා මොනතරම් මානසික වදයක් විදිනවද කියලා..

අර කෙල්ල එදා ඌට පැයක් ගැහුවා.. කියලනෙ නෙට් පුරුශයෝ කෑ ගහන්නෙ

ඒ කෙල්ලගේ ජීවිතේ අවුරුදු කීයක් ඒකි  මූ වගෙ කුඩ්ඩන්ගෙන් කතා අහගෙන පාඩුවෙ ඉන්න ඇද්ද..

වැරද්ද තිබ්බෙ අන්න එතන.. ඒක හොදට මතක තියගනිල්ලා. කවුරුත් ඒක කතා කරන් නෑ.


බුකියෙ මාහා ලොකු පිටුවක දැක්ක කමෙන්ට් එකකින් කතාව ඉවරකරන්නම්..

මහා පුරුශයෙක් කියලා තිබ්බා මෙහෙම..

"ලංකාවෙ ඉන්නෙ මහ පඩත්තල ගෑනු බං .. ඕකුං බොරුවට පත්තිනි අම්මලා වෙන්න හදන්නෙ.  වෙන රටක නම් ඕවා නෝමල් සීන් බං  "

මල්ලි හොදට මතක තියාංගං උබ ඔය කියන විදිය ලංකාවෙ ඉන්නෙ මහ පඩත්තල ගෑනු නම්  ඒ ගොඩේ තොගේ අම්මත් ඉන්නවා කියලා.







24 comments:

  1. කාලෙකට ඉස්සර, බස්වල කෙල්ලන්ට ජැක් ගහන එකත් "නෝමල්" දෙයක්; ඒකට විරුද්ධ වෙන කෙල්ලන්ට "එහෙනම් කාර් අරගෙන පලයව්" කියල අවමන් කරන සෙට් එකකුත් හිටියා.
    මේ ගෑණු ළමයාට අවමන් කරන්න සැදී පැහැදී ඉන්න සමහර ගොබ්බයො කියන කතාව, 'කවදාවත් කවුරුත් කොල්ලෙක් විහිළු කරල නැතුව ඇති' කියන එක. උන්ට නොපෙනෙන ඇත්ත තමයි, පාරෙ යන කෙල්ලන්ට කුනුහරප කියන පොන්නයන්ට කෙල්ලෙක් ඉස්සරහට ගිහින් සුහදව කතා කරන හැකියාවක් කවදාවත් තිබිලා නැතිකම; උන් දිහා කෙල්ලෙක් නිකමටවත් නොබලන එක

    ReplyDelete
  2. මධ්‍යස්ත විදියට ප්‍රශ්නෙ බැලුවොත් ඒ කොල්ල නරක දෙයක් කියල නෑ.හුඟක් දෙනෙක් කියන්නෙ මෙච්චර ගහපු එක වැරදියි කියල.ලක්බිම මවුවරු හා දියණියෝ කියන අන්තවාදී ස්ත්‍රීවාදී එන්ජීඕ එක මේ පහරදීම සාධාරණීකරනය කළා.ස්ත්‍රීවාදී එන්ජීඕ වල ඉන්නෙ වෛරී සහගත අය බව මෙයින් පේනව.
    මම මීට පෙර කාන්තා ප්‍රශ්න ගැන කාන්තාවන්ගෙ දෘෂ්ටියෙන් බලල කොමෙන්ට් කරපු කෙනෙක්.මේ සිද්ධිය දිහා වෙනස් ව බලමු.මොකද මේ කොල්ල කළායැයි කෙල්ල කියන විහිලුව නරක එකක් නොවන නිසා.ඒකට එච්චර ගහන්න බෑ.
    විහිලුව "නංගි හැමතැනම හිල් නේද කියන එක".
    ඒ විහිලුව කරපු එකත් වැරදියි.ඌට ඒක අදාල නෑනෙ.අනික කෙල්ලෙකුට විහිලුකරන්න ඕන සමාජ තත්වය බලල.සැප වාහනේක ආපු කෙල්ලෙකුට මොනවහරි කීව නම් කොල්ලව මෙලහකට මරල.
    මෙතන අතවරයක් නෑ.කෙල්ලන්ට විහිළුකරන්නෙ නැතිව නාකි ගෑනුන්ට විහිලු කරන්නද.හැබැයි ස්ත්‍රීවාදීන් වාර්ගික මාදිලියේ වෛරය වැපිරීමක් කරනවනම් ඒකත් අපට කමක් නෑ.ඒකෙ ප්‍රතිපල සමාජය භුක්ති විදීවි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්තව දේවල් දිහා බලන්න පුරුදු වෙන එකනම් හොඳයි
      ඒත් මතවාදීව මැද හොයාගන්න එක පිටින් ඉන්න අපට අමාරු වැඩක් නේද?
      දැන් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙන මත බලාලා "අරම කිව්ව එකත් වැරදියි - එච්චර ගහපු එකත් වැරදියි" කියන එක ඒ දෙදෙනගේ පැති වලින් වෙන් වෙන්ව ගත්තොත් මැද නොවෙන්න පුලුවන් ඕන පදං. මේ හර්ශන කියන කාරණය අප කොච්චර අත් දැක තියනවද? අපි කොච්චර නිෂ්ශබ්ද වෙලා ඉඳල තියනවද? එතකොට දිනපතාම මේවයින් බැට කන කාන්තාව ඉඳ හිට බෝම්බයක් වාගෙ පුපුරල යන එකටනම් මට කොහොමටවත් දොස් කියන්න බෑ. යමකට අවුලකට පාර කපල දීල පස්සෙ ප්‍රතිචාරයේ දිග පලල සොයන එකනම් ආයුබෝවන්ඩ ටිකක් අවදානම් වැඩක්! එන් ජී ඕ ඉතින් බලාගෙන ඉන්නෙ මෙව්වාගෙ දෙයක් බාගන්නනේ. නමුත් දැන් ඒ ළමයට රස්සාවක් කරගන්න බැරිවෙලා තියන ගානට වැටුනම එහෙම තැනකින් හරි යම් ආවරණයක් තියන එක නම් හොඳයි! මම ඉන්නෙ මැද පෙරදිග හින්ද මේකත් කියන්නම්. ගෙවල් ඇතුල්වල තත්වෙ නම් මම දන්නේ නෑ. ඒත් මේ ඉන්න රටේ පොදු වපසරි තුල - විදුලි සෝපානය, සාප්පු සංකීර්ණ, මහපාර, බස්‍ රථ හැම එකකම වාගේ කාන්තාවට මුල් තැන ලැබෙනව. කුඩා ළමයින්ටත් එහෙම්මමයි. හුදකලා සිද්ධි (මේ වාගේම පොදු වශයෙන් සාධාරණීකරණය නොකල යුතු) වෙනවත් ඇති. ඒත් මෙහේ ඉන්න විවිධාකාර ජාතීනුත් ඒ රටාව අනුගමනය කරනව. තම තමන් දන්නා හඳුනන කණ්ඩායම් තුල විහිලු තහලු කෙරෙනව. ඒත් නන්නාඳුනන කෙනෙක් ගෙන් කාන්තාවකට යම් නිගරුවක් වුනොත් නම් ඉතින් ඤා. හිමි බසෙන්ම අබ සරණයි!

      Delete
    2. සයිලන්ට් සිඟර්August 28, 2014 at 9:41 PM

      "එතකොට දිනපතාම මේවයින් බැට කන කාන්තාව ඉඳ හිට බෝම්බයක් වාගෙ පුපුරල යන"

      ඔය කතාව මම වෙන බ්ලොග් එකකත් කිව්ව. එත් දෙපැත්තටම සමබර විසඳුම වෙන්නේ කොල්ලට සහ කෙල්ලට ඒ දෙන්නම කරපු වැරැද්දට අනුව දඬුවම් දෙන එක. මොකද දැන් ඕක දුර දිග ගිහින් වැඩියි. දෙපැත්තටම දඬුවමක් නොලැබුනොත් අනිවාර්යෙන් එක පාර්ශවයකට නරක ආදර්ශයක් යනව. කෙල්ලෙක් හිරට ඇඳුමක් ඇන්ද පමණින් ඒ කෙල්ල "චාටර් බඩුවක්" වෙන්නේ නැ ඒ වගේම කොල්ලෙක් අවලම් කතාවක් කිව්ව පලියට ගහන්න නීතියෙන් අයිතියක් නැහැ.

      මිනිස්සු අපි සංකීර්ණයි, ඒ සංකීර්ණ මිනිස්සුන්ගෙන් හැදුන සමාජයක ඔය වගේ ගැටළු නැතිකරලා දන්නා බැ.එත් ඕව හැකිතරම් අඩු කරගන්න පුළුවන්. එකට විසඳුම තමා නීතිය. නීතියෙන් ඕවට සීමාවක් අඳින්න පුළුවන්. අන්න ඒ දේ හරියට වෙලා ඔය සිදුවීමෙන් ගැහැණු පිරිමි(විශේෂයෙන්) දෙගොල්ලොම පාඩමක් ඉගන ගත්තනම් හරි.

      Delete
    3. //කෙල්ලෙක් හිරට ඇඳුමක් ඇන්ද පමණින් ඒ කෙල්ල "චාටර් බඩුවක්" වෙන්නේ නැ ඒ වගේම කොල්ලෙක් අවලම් කතාවක් කිව්ව පලියට ගහන්න නීතියෙන් අයිතියක් නැහැ. //

      //දෙපැත්තටම දඬුවමක් නොලැබුනොත් අනිවාර්යෙන් එක පාර්ශවයකට නරක ආදර්ශයක් යනව//


      //නීතියෙන් ඕවට සීමාවක් අඳින්න පුළුවන්. අන්න ඒ දේ හරියට වෙලා ඔය සිදුවීමෙන් ගැහැණු පිරිමි(විශේෂයෙන්) දෙගොල්ලොම පාඩමක් ඉගන ගත්තනම් හරි//

      ++++++++++++++++++++
      මේ සිද්ධිය ගැන සහ එහි පසුව සිදුවිය යුත්ත ගැන මීට් වඩා කිව යුත්තක් නැහැ.

      Delete
  3. ane pala yako apayata e leli goda hithata gatta wedi ekai ethana une.tho nam pirimiyek newe ponna wesige puthek.

    ReplyDelete
    Replies
    1. ubath me ambanaka hithata aran neda me kunuharupa kiyanne? uba ponnayekwath nemeyidha ethakota?

      Delete
    2. කාලෙකට කලිං ගිය සිංදුවක කෑල්ලක් මතක් උනා බං..

      "මලිත්ට ගැහුවම ඇයි චංචලා අඩන්නෙ.."

      මම නම් පිරිමියෙක් උබට ශුවර්ද උබ පිරිමියෙක් කියලා

      උබ පිරිමිකම කියලා කියන්නෙ ගෑනුන්ගෙ ටොයිලට් ලග ඉදගෙන ගෑනුන්ගෙ ඇගේ මිමිමවල් - ඇදුම් වල වාටි ගනන් කරන එකටද.

      මහලොකු පිරිමිකම ගැන කතා කරන තෝ අඩුම තරමෙ තොගෙ ඇත්ත අනන්‍යතාවයෙන්වත් කතා කරනවද.. ඇනෝ ඇවිත් හැංගිලා පොර ටෝක් දෙනවා පිරිමිකම ගැන.

      හික්..

      ඔයිට වඩා නම් යකෝ ගැනුන්ගෙත් ගට තියනවා..

      චීත්ත ඇදගෙන පිරිමිකම ගැන කතා කරන්න එපා නපුංසකයෝ..

      Delete
  4. බස් වල යනකොට වෙන දේවල් ගැන නම් වෙනමම බ්ලොගක් ලිව හැක.ම්ම් නම් කරන්නේ එවැනි දෙයක ඉව වැටුනොත් වහා එතනින් එවත්ව යාම,අහුන්නැහැ වගේ ඉදීම,ගෑනු අපිට කොහොමත් උරුම දේවල් නේ,මොනා කරන්ඩද , උට ගැහුවොත් අපිවනේ හිරේ දාන්නේ,අපිටනේ බනින්නේ නැහැදිච්ච් කම,කියල,බුකියේ,පත්තරවල,ටීවී එකේ ඕවා ගියපුවාම ඉදලා හමාරයි ගෙදර.

    ReplyDelete
  5. අපි වාරියපොල සිද්ධියෙදි ඔය සිදුවීම වුනේ පිරිමි දෙන්නෙක් අතර කියලා හිතමු..එහෙම වුනානම් තත්වෙ මොන වගේ වෙයිද?
    ගෑනු මේ සමාජයට උපදින කොටම එයාල දුබලය ිකියලා මනස ඇතුලෙ ඔබ්බලා තියෙනවා. ඒ මානසික හීන බව එයාල යන යන හැමතැනම අරගෙන යනවා. එහෙම නොවෙන අය ඉන්නෙ අල්පයයි.
    සමාජයෙ ්ගෑනුය පිරිමිය කියලා දෙවිදියක සැලකීමක් දැඩි ලෙස තියෙන නිසා මේ වගේ ගැටළු රාශියකට අද සමාජය මුහුනපාල තියෙනවා. අද බස් එකක පිරිමි ලමයෙක්ටවත් යන්න බැහැ. ඒ අයහපත් චර්යා දක්වන මිනිස්සුන්ව හිරේ දාල වැඩක් නැහැ. එයාල යළිත් හොද මිනිසුන් ලෙස සමාජගත කරන්න තමයි අපි උත්සාහ ගන්න ඕනි..

    ගැහැනුන්ට කියලා විශේෂ සැලකීම් අවශ්‍ය නැහැ..එයාලත් අපි වගේම තමයි. මේ සමාජයේ කවර වූ තරාතිරමක අයෙකුවත් අනෙකාගේ විහිළුවට ලිංගික හිංසා වලට මානසික පීඩා වලට නතුවන්න අවශ්‍ය නැහැ. යම් වරදක් වුනාම ඒක අතින් පයින් පිහියෙන් විසදගන්න හදන එක මගින් නිරූපනය වෙන්නෙ අපේ සමාජයේ සාමාජික ආකල්ප වල තියෙන කඩාවැටීම..
    මිනිසුන් පිරිසක් විදියට යම් යම් ආයතන, සමාජ පද්ධතින් පිහිටුවාගෙන තියෙන්නෙ ඒවා හරහා ප්‍රශ්ණ විසඳාගන්න. නමුත් ලාංකිය සමාජයේ සාමූහික දියුනු චර්යාවන් එන්න එන්න වලපල්ලට යෑමත් එක්ක මිනිසුන් ප්‍රචන්ඩ වෙලා තමුන්ගේ වපසරියට වඩාත් වාසිදායක තත්වයන් උත්පාදනය කරගන්න උත්සාහ කරනවා..

    මේ උත්සාහයන් අතරදි ගෑනු පිරිමි, ආගම්, සල්ලි ඇති නැති ආදී වෙනස්කම් කිහිපයක්ද එලියට පැනලා ඒවා කරණම් ගසනවා.. සැබැවින්ම කාන්තාව ආරක්ෂා වෙන්න නම් කාන්තාව සියුමැලි තත්වයෙන් මුදවලා ඇය මේ සමාජයේ සාමාන්‍ය පුරවැසියෙක් තත්වයට වැර ගැන්විය යුතුයි..

    ReplyDelete
  6. මට කවුරුවත් විහිලු කරනවට මම කැමති නැත. කතාව එච්චරයි

    ReplyDelete
    Replies
    1. ඔය තත්වේ මානසික රෝගයක්!

      Delete
  7. උඹ නිකන් දැක්ක වගේනේ ඌ මොකද්ද කිව්වෙ කියල. කෙල්ලන්ට නරක විදියට හා එයාලගෙ චරිතෙට අපහාස වෙන විදියට විහිලු කරනවට මාත් අකමැති කෙනෙක්.. උඹ නිකන් මේ සිද්ධිය විස්තර කරන්නෙ උඹ එතන ඉඳන් ඒ කොල්ල කියපුව අහං හිටියනෙ. උඹ ඒ විස්තර ඔක්කොම දැක්කනම් බලපං ඒකි පොලිසියට එක විස්තරයක් කිව්වෙ, මාධ්‍යයට තව විදියකට. ගෑණු කියන ජාතිය උතුම් ජාතියක් ඒක ඇත්ත. ඒත් ඒ ගැණු අතරෙ බොරුවට පත්තිනි අම්මල වෙන්න හදන අර වගේ වේසියොත් ඉන්නවා. උඹම දකින්න ඇති ඒකිගෙ කටේ හැටි.

    ReplyDelete
  8. උපේන්ද්‍ර හර්ෂණ@ තවම වාරියපොළ කෙල්ල කරේ තියාගෙන මක්කැයි කොරන්නේ?.ඕකිව දැන්වත් බිමින් තියලා වෙනදෙයක් ගැන හිතපන් මචං

    ReplyDelete
  9. ගෑනු කියන්නෙ උතුම් ජාතියක්... එතකොට පිරිමි කියන්නෙ පීචං ජාතියක්... එහෙමද?

    යකෝ බොරු සාහිත්‍ය කාරයන්ගේ කතා ගිරව් වගේ කියවන්න එපා. මිනිස්සුන්ගෙ ක්‍රියාවන් මතින් මිස ගැහැනු , පිරිමි නිසා උතුම් වෙන්නේ නෑ.

    අනිත් මුන්ගේ පොර ටෝක් එක තමා අම්මා , නංගි ටෝක් එක.
    දැන් හැම ගෑනිම අම්මා , නංගි වගේ කියන උන් කසාද බඳින්නේ නැද්ද? බැන්ඳත් උදේට බුදුන් වැඳලා බිරිඳටත් වැඳලා (අම්මා වගෙ නිසා ) රස්සාවට පිටත් වෙනවා. බැන්ඳට සහවාසය කරාට සංවාසය කරන්නෙ නෑ. අම්මා වගේ නිසා නගින්නේ නෑ. මංගල වාගේ නිසා නෙමේ ලොකේ ගෑනු ඔක්කෝම අම්මයි , නංගියි වාගේ නිසා.
    අති උතුම් මව්වරු ඉන්නවා.. එපමනටම අති උතුම් පියවරු ද සිටිනවා.. බහුතරයක් උතුම් මව් පියවරු...ලොකේ කොහේ උනත් බොහෝ මව්වරු , පියවරු තම ඕනෑ එපාකම් , ආශාවන් තම දරුවන් වෙනුවෙන් කැප කරනවා.

    සංඛ්යාත්මකව අල්ප වු සිදුවීම් , තොරතුරු සන්නිවේදයේ ප්‍රබලතාවය මත බොහෝ සේ කතිකාවට ලක්වීම මිසක අප සමාජයේ බහුතරය අපතයින් නොවේ.

    උපේන්ද්‍රටම අනුව බොහෝ වේලාවක් තිස්සේ හිංසනයට ලක් වූ තරුණිය වෙනුවෙන් (උපෙන්ද්‍රට අනුව ඔහුගේම නැගණිය වෙනුවෙන් )පෙරට ආවේ නිවාඩුවට ගෙදර යන හමුදා සෙබලෙකි. (අද සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අපරාධයක් කොතැනද? හමුදා සෙබළෙකුත් ( බොහෝ විට හිටපු ) එතන ඇත. ඒ උනාට ලොකේ ඔක්කොම ගෑනු අම්මා , නංගී වාගෙ පේන එවුන් පොන්න වත රකිද්දි කෙල්ලව අසහන කාරයාගෙන් බේරාගැනිමට පෙරට එන්නෙ ස්ත්‍රී දූෂන චෝදනා හෝල් සේල් එකේ එල්ලවන හමුදා සෙබලෙකි.

    පොර ටෝක් දෙන එක නම් මාරම මාර ලේසිය. ඒත් ගිරව් වගේ පොර ටෝක් දීලා වැඩක් නැතිය.

    මට නම් ලෝකෙ ඔක්කොම ගෑනු අම්ම , නංගි වාගෙ නෙමේය. ඒත් ලොකේ සියලු මිනිසුන් ගරු කටයුතු අයය. මම නම් හිඟන්නෙක්ට යමක් දුන්නත් දෙන්නෙ ගොඩාක් දයාවෙන්ය. හිඟාකෑමට සිදුවීම සමාජ ක්‍රමයේ වරදක් බව මගේ හැඟීමයි.

    උපේන්ද්‍ර චෙල්වාට "කුඩ්ඩා" කිව්වේ කුමන පදනමකින්දැයි හෙළිදරව් කරන්නේ නම් වැදගත්ය. චෙල්වා පොල් කඩන්නෙකු නිසා බ්ලොග් කාරයන්ට ඕනා ඕනා හැටියට ඔහු කුඩ්ඩෙකු කරන්නට බැරිය. මේවා අවලං බ්ලොග් භාවිතාය. මා සමග මාතලං ලා , අජිත් පැරකුම් ලා ද එකඟ වනවා ඇත.

    වාරියපොල කේස් එක මහ බක්කක් නෙමේය. බස් හෝල්ට් වල රස්තියදු වෙන කොල්ලෝ හැමදාමත් සිටියෝය. උන් කෙල්ලොන්ට වාත වීමත් හැමදාමත් උනේය. කෙල්ලොත් උන්ට රැව්වෝය. ඉඳහිට ගෙරවිලි සද්දත් දැම්මෝය. ඊට පස්සෙ සිය යහළු යෙහෙළියන් හා කියවමින් උපහාස රස වින්දෝය. මේ සමහරක් විහිලු බරපතල වී දෙන්න දෙමහල්ලෝ වී දරුවන්ද ලදහ. වාරියපොලදි සිදු වූයේ කෙල්ල සීමාව ඉක්මවා ගිය එකය. එයත් මහා බක්කක් නෙමේය. තමා සීමාව ඉක්මවා ගිය බව පිලි ගෙන සමාව ගත්තා නම් කතාව ඉවරය. චෙල්වා වැඳ වැඳ සමාව ගත් නිසා චෙල්වාගෙ කොටස ඉවරය. උසාවියේ ගරු විනිසිරුතුමාගේ උනත් තීන්දුව වෙන්නේ ඕක තමාය. නැතුව අමල්කව හිරේ යවන්නයෑ...

    ReplyDelete
    Replies
    1. මේක තමයි නියම කොමෙන්ටුව ඇත්ත ඇති සැටියෙන් කියල තියෙනවා,මචන් උපේන්ද්‍ර උඹ නිකම් දෙමල පිචර් වීරයා වගේ වෙලානේ!!!!!

      Delete
    2. සුරංගනා ලෝක වල ඉන්න උබයි මහපොලොවෙ ඉන්න මමයි අතරේ මම ලොකු වෙනසක් දකිනවා මචං.. උබ ජීවත් වෙන රට උබේ මානසික මට්ටම උබ ලියලා තියන දේවල් වලින් තේරුම් ගන්න එකා තේරුම් ගනී..

      ඒත් මම දවසෙ පැය 24 භාගෙකට එහා කුඩ්ඩෝ , හොරු , මුදලාලිලා , දේශපාලුවෝ ,දොස්තරලා , උගත්තු නූගත්තු කියන හැම එකාවම ආස්සරේ වෙනවා..

      මේ සමාජෙ මොන වගෙද කියලා මට අමුතුවෙන් කියලා දෙන්න උවමනාවක් නෑ..

      නුවර බස් ස්ටෑණ්ඬ් එකේ , කොටුව බස් ස්ටෑණ්ඩ් එකේ , තම්න්ගේ අම්මව නංගිව විනාඩි දහයක් නතර කරලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නකෝ..

      එතකොට උබටම තේරෙයි උබේ සමාජ දැක්මෙ අවුල..

      මෙතන ලොකු වෙනසක් තියනවා ඒකත් හොදට මතක තියාගනින්

      උබ ඔය හැම දෙයක්ම හිතනවා - මම ඔය හැම දෙයක්ම දකිනවා

      අන්න ඒක හොදට මතක තියාගනින්.. මම මේවා ලියන්නෙ හිතලා නෙවෙ දැකලා.

      Delete
    3. දැන් මචන් මොකද වෙන්න ඕන,පිරිමි රහසිගතව මරන්න ගෑනු ගරිල්ලා හමුදාවක්වත් හදන්න ඕනෙද?[උඩ ඇනෝ නොවේ]

      Delete
    4. හර්ශණ මල්ලී... උබ ඔය පොලොවෙ පය ගහල ඉන්න කතාව ඕනවට වඩා කියවන්න එපා. චාටර් වෙනවා. පොලොවෙ පය ගහල ඉන්න එකා විහිං කියන්නෙ නෑ උව තේරෙනව​. අනික උබ උබ ගැන කියනව වගේ සුපිරිසිදු සුදු චරිත ඉන්නෙ කතන්දර විතරනෙ බං. මට ලොකු වචන වලින් කියන්න තේරෙන්නෙ නැහැ. උබ කුඩුකාරයෙක් පික් පොකට් කාරයෙක් ආශ්‍රය කරනව තියා දැකලවත් නැති බව මට ෂුවර්. පොඩ්ඩක් තමුන් අකමැති දේවල් වලට වෛර කරන එක නතර කරල ඉවසල මේ සමාජෙ විඳල බලපන්. එතකොට තේරෙයි. නිකං පිස්සෙක් වගේ කෑගහන් නැතුව​.

      Delete
    5. පොලොවෙ පය ගහල ඉන්නවනම් ඒක කියන්න බය වෙන්ඩ ඕන නෑ නෙ.. ඔබතුමාට වඩානම් මම සමාජේ විදලා තියනවා. ඒක මට හොදටම සහතිකයි.. ඔබතුමා මට සමාජෙ විදවලා බලන්න කියන්නෙ ගෑනු ටොයිලට් එකක් ලගට වෙලා කෙල්ලන්ට විසිල් ගහ ගහ ජීවිතේ විදින්න කියන එකද ?. ඔයාගෙ මානසික මට්ටමෙන් මාව මැනගන්න එපා.

      Delete
  10. පොල් කඩන මිනිස්සුන්ට කුඩ්ඩො කියන්න මොකෙක්ද මේ බ්ලොග් ලියන පොන්නය
    යකෝ ආමිකාරයො කියන්නෙ වේස බල්ලොනෙ.උන් උඹටත් අරියි
    බලපිය ඒ කෙල්ල කතා කරපු විදිය.උඹට හැම වේසිම අම්ම කෙනෙක්ද

    ReplyDelete
    Replies
    1. අදහස් ප්‍රකාශ කිරීමෙ ක්‍රමයෙන්ම උබේ මානසික මට්ටමත් පැහැදිලි වෙනවනෙ..

      හැබෙයි මේ ටිකත් මතක තියාගන්න

      " ආමිකාරයො කියන්නෙ වේස බල්ලොනෙ "

      ඔය කියන බල්ලොන්ට පින් සිද්ද වෙන්න තමා මේ රටේ මිනිස්සු නිදහසේ ඇස් පියං නිදියන්නෙ..

      තොපි වගේ මන්ද මානසික ඩයල් තමා මේවට මේ වගෙ ගොන් කමෙන්ට් දාන්නෙ

      අත පය නැති කරගෙන රටට නිදහස ගත්ත එවුන්ට වේස බල්ලෝ කියන උබ වගෙ එකෙක් කොහොමද යකෝ අම්මෙක්ගෙ වටිනාකම දන්නෙ.

      ගිහින් බෙහෙතක් ගනින් පව් නොදී..

      Delete
  11. සිරාවටම මචන් මේ වගේ මානසික රෝගියෝ තමා. ඔය වගේ අසහන කාරයෝ වෙනුවෙන් කඩේ යන්නෙ. පිටරටවල් වලින් නෙවෙ බලන් ගියාම අපේ රටෙම ඉන්නවනෙ මේ වගෙ අපතයෝ. බ්ලොග් වර්ල්ඩ් එකෙත් අමුතු සයිකෝ කාරයෝ පිරිලනේ. හමුදාව පේන්න බැරි මූ NGO කුක්කෙක් වෙන්න ඇති

    ReplyDelete
Time in Sri Lanka: