
ටවුම පැත්තට යන්ඩ හිතාගෙන ඇවිදින්ඩ පටන් ගත්තා..
ඉස්සලම හම්බඋනේ
පෝස්ට් ඔෆිස් එක පාමුල මැටි වලින් හදපු බිත්ති සැරසිලි විකුනන ආච්චි
අම්මා.. " මේ එකකින් ලාබෙ රුපියල් පනහයි පුතේ " කලින් දවසක ඈ මට එහෙම
කියලා තිබුනා. බොහෝ විට ඒ ආච්චි අරගෙන එන්නෙ ඒවා කෑලි දෙකක් තුනක්
,විකිනුනොත් උපරිම ලාබෙ රුපියල් 150ක් එහෙම නැති දවසුත් ඇති . මොකද හවස්
ජාමෙ වෙනකොටත් අතේ ඉතුරු උනු මැටි පහන් ටිකත් එක්ක මම ඒ ආච්චිව දැකලා
තියනවා. ඇයගෙ සුපුරුදු හිනාව මැද්දෙ මම එතන පහු කලා..
තව මීටර් 10ක් ඉස්සරහට එනකොට රේල් ගේට්ටුව ලග ගිනි ගහන අව්වෙ , හෙන ගහන වැස්සෙ ටිකට්...