Thursday, December 11, 2014

බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන



බලන්න අරුණ සමග එහෙට මෙහෙට පනින ගනන
බලන්න සිතක අරුම සල්ලි වලට බඹරු ඇදෙන
විඳින්න සතුට සැපත මිහිරි දිවිය ඔබට ගෙණෙන
බලා නොඉන්න බූදලේ සොයා ඔබත් පනින්න

යුගෙන් යුගය සතුට සැපත සොය සොයා
මිනිස් මොලේ සයිස් එකෙන් පුං‍චි වී ගියා
එහෙන් මෙහට ඇදන බඹරු නොදැක ඇස පියා
බලන්න සල්ලි මිටියේ දකින රහස


කොහෙන් පැමිණ කොහේ යයිද දන්නෙ නෑ
එහේ හොඳද මෙහේ හොඳද අපිම දන්නෙ නෑ
සදාතනික සතුට සැපත අපට එන්නෙ නෑ
සොයන්නෙ මොකටද අපි පනිනා ඇත්තන්ගෙ රහස



6 comments:

  1. වල්ලා පට්ට.. එක්සලන්ට්

    ReplyDelete
  2. @ උපේන්ද්‍ර ජී,

    අරේවා!!!!!! ගින්දර පෝස්ට් හේ!!!

    මම ජී පෝස්ට් එක කියෙව්වෙත් කී බෝඩ් එකට තට්ටුවක් දාන ගමන්මයි ඕන්.....!!!

    කීප් ඉට් අප් ජී...!

    Jඅයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  3. කදිමයි. රසයක් මැ ගෙනදෙයි.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: