Sunday, December 14, 2014

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.



ඉරිතලා වැටුනු ගං ඉවුරු දිගේ
අපි ඔහේ ඇවිද යමු මතක දිගේ
නුබට මතක නැති මට අමතක නැති
මතක පොතේ පිටු යලි පෙරලන්නට
යොදුන් ගනන් දුර හෙමින්  ඇවිද යමු
එදා මතක යලි හිතට නැගෙන තුරු


 දිනෙන් දිනට දින පොත පෙරලා හරි
යලිත් මවන්නම් එදා දවස් යලි
රෑ අහසේ පුන් සඳකි නුබේ සිරි
ලඟ ඉන්නම් තරුවක් විලසින් හරි


හිතක් පිරෙන්නට ඇතත් මතක පොදි
එදා ලගින් ඉඳ පෙමින් බැඳුන හැටි
හෙමින් හෙමින් මතකෙට නැගෙනා හැටි
බලං ඉදිමි මම ගෙවෙන තුරා දිවි




කවියේ කතන්දරේ -

ටික කාලෙකට කලිං අපේ අම්මට ලොකු ඔපරේශන් එකක් කරන්න උනා. මොලේ තිබ්බ ගෙඩියක් ඉවත් කරන්න ඉතිං ඒ දවස් වල ඉස්පිරිතලෙ සහ ගෙදර කියන්නෙ දෙකම එකක් වගේ. උදේ ඉස්පිරිතාලෙට ගියාම ආයෙ එන්නෙ මහ රෑට.  ඔය වගේ ගිය දවසක  මම ඉස්පිරිතාලෙ බංකුවකට වෙලා ඉදගෙන හිටියා. මොකද අම්මා හිටිය වාට්ටුවට යන්නෙ පාස් වලින් වරකට දෙන්නා ගානෙ.  ඒ වෙලාවෙ මම හිතන්නෙ ක්ලිනික් එකකට ආව තරුන වයසෙ ජෝඩුවක්  මං කිට්ටුවම  උන්නා. ගෑනු ලමයගෙ හිසේ සැත්කමක් කරපු සලකුනු තිබුනා. කොල්ලා තොරතෝංචියක්  නැතුව කියවනවා කෙල්ල බොහොම අහිංසක විදියට හිනා වේගෙන උත්තර දෙනවා.. 

කොල්ලාගෙ හැම ප්‍ර්ශ්නයක්ම වගෙ ඉවරවෙන්නෙ " ඔයාට මතකද ? "  " ඔයාට මතකද ? " කියලා ඔවුන් ගියපු තැන්  ඔවුන්ගේ නෑදෑයෝ  මතක් කරමින් කොල්ලා ප්‍ර්ශ්න අහනවා..

ගෑනු දරුවට ඇත්තටම මතක නෑ ඒත් කොල්ලගෙ හිත රිදෙයි කියන එකයි තමන්ට මොකද වෙලා තියෙන්නෙ කියන දෙගිඩියවෙනුයි කෙල්ල හැම එකටම උත්තර බදිනවා..


එදා මං හිටපු ප්‍ර්ශ්න ගොඩත් එක්ක මට ඒක එක සිදුවීමක් උනත්.. අද අහම්බෙන් ඕක කල්පනාවට ආව. 

තමන් ආදරේ කරන කෙනාට අතීතයම අමතක උනොත්.....


7 comments:

  1. අදමයි මේ පැත්තට අාවේ.............. අගේ අැති බ්ලොගයක්.......... සතුටුයි............. දිගට ම ඒන්නම්...............

    ReplyDelete
  2. කාලෙකින් කියවන්න ආවේ . තමන් ආදරේ කරන කෙනාට අතීතය අමතක උනොත් කියන්නේ ඕක ගෑණු ළමයින්ට නම් ලේසියෙන් වෙන දෙයක් නෙවෙයි . හම්මෝ බනින්න ගත්තම බනින්නේ අම්මා මුත්තා කාලේ ඒවා මතක් කර කර . කොල්ලන්ට නම් යම් කාල පරාසයක ඒවා ඇරෙන්න අමතක වෙනවා තමයි ...... :) :)

    ReplyDelete
    Replies
    1. දැන් මේ කොමෙන්ට් එක ඔයාගේ ගෑනූ ලමයා දැක්කොත් . මම හිතන්නෙ ඔයාටත් අතීතෙ අමතක වෙයි. :D

      Delete
    2. දෙයියනේ කියලා මේවගේ කොමෙන්ටු දාන්නේ . මම සිංගල් නිසා පින්වත :p :p

      Delete
  3. උපේන්ද්‍ර ඉතින් හැමදාම හිතේ අස් කොන් පහුරු ගානවා..
    මේ වගේ ටෙලි නාට්‍යයකුත් තිබ්බා මතකයි චාන්දනී සෙනෙවිරත්න රඟපාපු
    ප්‍රස්නෙකට ප්‍රස්නෙකින් උත්තර දෙන එකත් හරි නෑ - එත් ආදරේ කරපු කෙනාව අපට අමතක වුණොත් කියල නිකමට හරි හිතුවොත් කොහොමද?
    මටත් ඉඳ හිට මේ වගේ දේවල් හිතිල තියනව
    ඒකයි කීවේ හිත් පහුරු ගානව කියල
    මට දැනට තේරිලා තියෙන්නේ මෙහෙමයි
    අපි ඇත්තටම ආදරේ අපටම විතරයි!!
    අපි ආදරේ දේවල් තියන තැනක් සොයාගෙන එතැන වෙලෙනව - පස්සේ අමතක වෙනව මේ අපි කැමති දේවල් වල සංකේතයක් නේද කියල - ඊලඟට අනෙක් අතට ප්‍රතිචාරත් බලාපොරොත්තු වෙනව - පස්සෙන් පහු අපි කැමති ආදරේ දේවලුත් හෙමින් සැරේ අපි ඇතුලෙම වෙනස්වෙලා! - බැංකුවෙ දාපු සල්ලි වාගේ අර සංකේතේ තුල එදා ප්‍රක්ෂේපනය කරාපු දේවල් හැමදාමත් සොයනව - හිතට ආපු එව්ව එල්ලයක් නැතුවම කොටල දැම්ම!!!

    ReplyDelete
    Replies
    1. අපි ඇත්තටම ආදරේ අපටම විතරයි!!
      අපි ආදරේ දේවල් තියන තැනක් සොයාගෙන එතැන වෙලෙනව - පස්සේ අමතක වෙනව මේ අපි කැමති දේවල් වල සංකේතයක් නේද කියල - ඊලඟට අනෙක් අතට ප්‍රතිචාරත් බලාපොරොත්තු වෙනව - පස්සෙන් පහු අපි කැමති ආදරේ දේවලුත් හෙමින් සැරේ අපි ඇතුලෙම වෙනස්වෙලා! - බැංකුවෙ දාපු සල්ලි වාගේ අර සංකේතේ තුල එදා ප්‍රක්ෂේපනය කරාපු දේවල් හැමදාමත් සොයනව

      +++++++++++++

      සහතික ඇත්ත :D

      Delete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: