Saturday, March 28, 2015

ෆුල් ෆේස් - ඔලු ඇති හා නැති උන්ගේ අවධානයටයි



ෆුල් ෆේස් නීතිය යලිත් කරලියට පිවිස තිබේ. එයද වතුරේ එබූ රබර් බෝලයක් වැනිය. බැංකුවක් දෙකක්  කොල්ල කා ඇතැයි කියා පුවත් වාර්ථා පලවෙද්දි  ඒවාගේ හිමිකරුවන්ටත් වඩා  බියවෙන්නෙ  ලංකාවේ බයිසිකල්  පදිනා උන්ය.

හෙල්මටයකින් ලැබෙන ආරක්ශාව සම්බන්දයෙන් මෙතන අමුතුවෙන් අටුවා ටීක ලිවීමට අවශ්‍ය නැත. එය දන්නෙ ඔලුවක් ඇති උන් පමනි. නමුත් පහුගිය දිනක  පොලිසිය ප්‍රකශ කලෙ ෆුල් ෆේස් හෙල්මට දැමීමෙන් පැදිකරුවාට ඇතිවන අනතුරු වල වෙනසක් නොවන බවත් එය ඔවුන් විසින් සිදු කරන ලද විශේශ සමීක්ශනයක් බවයි පහත වීඩියෝවෙ අවසානයට එම ප්‍රකාශය බලා ගත හැක



නමුත් වෛද්‍යවරයකු වන  ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටින්නේ ෆුල් ෆෙස් හෙල්මටයක් පැලදිමෙන් පැදිකරුට සිදුඅන හානිය ඉතා අවම බවයි




මෙයින් පෙනී යන්නේ එක් දෙයකි එනම් ලංකාවෙ වෘතීන් තෝරා ගැනීමේදි පුද්ගලයන් ඉතා නොසැලිකිලමත් බවයි පොලිස් මාද්‍ය ප්‍රකාශක මහතා ඉතා දක්ශ වෙද්‍ය වරයෙක් වීමට සියලු සුදුසුකම් සපුරා තිබියදි නිරපරාදේ පොලිස් සේවයට එකතු වී ඇත.




ලංකාවෙ බයිසිකල් පදිනා උන්ගෙන් බහුතරයකට එක එක උන්නාන්සෙලා කියන් කියන දවසට මාරු කරන්නට හෙල්මට් ගන්නට වත්කමක් නොමැත. බහුතරයක්  උන් බයිසිකල් පදින්නෙ මූන පේන ගානට දිලිසෙන කට්ට නැති ටයර්, අන්තිම කට්ටේ රැදෙන එන්ජින් ඔයිල් බල බලාය.  ඔය නීති හදන බහුබූතයන් ඒවා කල්පනා කරන්නේ නැත. අනික් කාරනේ ඔච්ච්ර දවසක් 1000ට 1500ට විකිනුන බාග හෙල්මට් දැන් අස්ප ගනන්ය.. ඒවා ගැන සමීක්ෂන කරන්නට පොලිසියට වෙලාවක් නැත.


නීතියක් හදන්නට පෙර යම් තීරනයක් ගන්නට පෙර  වඩාත්ම සුදුසු තීරනයක් ගැන කතිකා කල යුතුය.  සමීක්ශන කල යුත්තෙ  තම්න්ගේ හෙලුව වසා ගැනීමට නොව නිවරදි විසදුම් සොයාය.   බයිසිකලයක් පදින බොහෝ අය සමාජයෙ මධ්යම පාන්තිකයෝය. ඔවුන්ගේ සරල ජිවන රටාවට ගැලපෙන එකම වාහනය මෝට බයිසිකලයය. කොල්ලකෑම් වලට ලක්වන්නේ බැංකු. රන්බාන්ඩ හල්ය ඔවුන් සමාජයේ ධනපති පන්තියට අයත් කොටසය රන්බඩු හලක හිමිකරුවකු. බැකු අද්‍යක්ශකවරයකු  කිසිදිනක මොටෝ බයිසිකලයක වැඩට එනවා ඇතියැයි මම හිතන්නෙ නැත. 


ප්‍ර්ශ්නය  මෙයයි  ඉතා අධික ලාබ ලබන ආර්ථික ශක්තියක් ඇති අයගෙ පැත්තෙන් විසදුමක් නොසොයා එදාවේල හොයාගෙන කන එකාගේ මූනත් තහඩුවටත් කෙලවා පඩිපතටත් කෙලවෙන  විසදුම් හොයන්නෙ ඇයි. අප්‍රේල් දෙවෙනිදායින් පසු පැදිකරුවකු අනතුරට ලක්ව මුහුනට  හිසට බරපතල ලෙස හානි සිදුඋනහොත් පොලිසිය එහි වගකීම බාරගන්නෙහිද.

එසේ ඇසීමට සාධාරණ හේතු ඇත. පහත වීඩියෝ දෙක බලන්න . රන් බඩු හල් හා බැංකු සදහා යොදා ගත හැකි ඉතා ආරක්ශිත ආරක්ශක පද්ධතියකි. කොල්ලකෑමේ හැකියාව ඉතාම අඩු අගයකි.   මෙවෙනි ක්‍රම බැංකු හා මුල්‍ය ආයතන වෙත හදුන්වා දෙනවා වෙනුවට. අහිංසකයන්ගේ ඔලුව බේරන හෙල්මටය තහනම් කරන්නේ ඇයි..







කෙසේ  නමුත්  අප්‍රේල් දෙවෙනිදායින් පසු  මෙම නීතිය ගැන කිසිවක් කියන්නේත් කිසිවක් ලියන්නේත් නැත මමද  බාග හෙල්මටයක් ගෙන එය පලදින්නට සිතා සිටිමි . අප ඔලුව ගැන සිතිය යුත්තේ රට කරවන තැන ඉන්නා උන්ට ඔලුවක් ඇත්නම් පමනි.  මහ තැන් වලට ඔලුවක් නැති උන් අපිම  පත්කර අපෙ ඔලුව ගැන කෑ ගැසීමෙන් වෙන සෙතක් නොමැත.  අවසාන වශයෙන් එක ඉල්ලීමක් ඇත මෙම ඉතා විශිෂ්ඨ නීතිය ගෙන ඒම වෙනුවෙන් කැපවුනු අයට කරන ගෞරවයක් ලෙස මෙම නීතිය ගෙන එන දිනය වෙනස් කල යුතුය එනම් එයට සුදුසුම  දිනය අප්‍රේල් දෙවෙනිදා නොව අප්‍රෙල් පලවෙනිදාය. 

8 comments:

  1. පොලීසිටය හොරු අල්ලා ගන්න බැරිව අහිංසක බයිසිකල් කරුවන්ගෙන් පලි ගැනීමට කටයුතු කරයි අනේ මෙහෙම නරුම පොලිසියක් මේකද යහපාලනය....

    ReplyDelete
  2. මේවාට සිනා සිය යුතුද හැඩිය යුතුද කියා සිතා ගත නොහැක......
    ලංක‍ාවනේ???

    ReplyDelete
  3. අම්මපා පොලීසියට විලි ලැජ්ජාව කියලා දෙයක් නැද්ද? පාර මැද කක්කා කරලා අත්දෙකෙන් වහගත්තා වගේ වැඩක් නෙවෙයිද මේක?

    ලෝකයේ ලොකු මංකොල්ල වෙන හැම රටකම හෙල්මට් දාලද එන්නේ?

    ඔය බැංකුවල ඉන්න සිකියුරිටි අයියලා ඉන්නේ පණ ගැහි ගැහි. ඉස්සෙල්ල ඒ අයට හොඳ පුහුණුවක් දෙන්න ඕනේ. ඊළඟට මෙච්චර දියුණු තාක්ෂණයෙන් යුත් ආරක්ෂක උපක්‍රම යොදාගන්න ඕනේ.

    බයිසිකල් පදින අය එකතුවෙලා මේ මෝඩ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩුවක් පැවරුවොත් දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    ReplyDelete
  4. නිර්මාණගීලිත්වය නගා සිටුවීමට බලකරමු - පෙළගැසෙමු!
    ;-)

    ReplyDelete
  5. ඔය හොඳයි බොල. බැරි වෙලාවත් ඔය බැංකුවල සිකියුරිටි ඉන්න උංට දිගට හරහට වෙඩි තියන්න අවසර දුන්නොත් එහෙම මොනවගේ තත්වයක් ඇතිවෙයිද කියල හිතල බලන්නකො. :D

    ReplyDelete
  6. මංකොල්ල කන්න ඉඩ ඇති හැම ස්ථානයකම ආරක්ෂාව සහතික කළහැකි ක්‍රමයක් ගෙන ඒමයි අවශ්‍යය. එම ආයතන මුදල් හිඟයකින් නොපෙළෙන ඒවා බැවින් ආරක්‍ෂිත දොරවල් වැනි ක්‍රමයක් හඳුන්වා දිය හැකියි.
    Full Face හෙල්මටයකින් ලැබිය හැකි ආරක්ෂාව පෞද්ගලිකවම අත්දැක ඇති බැවින් අති උත්තම පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.

    ReplyDelete
  7. ෆුල්ෆේස් හෙල්මට් තහනම කියන්නෙ මෑත කාලෙ පොළිසියට කල ලොකුම විහිළුව. අපේ රාජ්‍ය සේවයේ ඉන්නෙත් දේශපාලනේ ඉන්නෙත් අධ්‍යාපනය ඇන ගත්තු උන් වෙච්චි එකේ කරුමෙ තමා මේ!

    ReplyDelete
  8. ඔය සේරම අස්සෙන්,
    පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වු රැස්විමක් වීඩියෝ කළ ෆුල් පේස් හෙල්මට් කරුවෙක් (ඡායාරු සහිතවම ) ගැන කරළියට ගෙනආවෙ අලගුතියන්නද තහනමට.
    ධර්මිෂ්ඨ පාලනයෙදි තමුන්ගෙ ආරක්ෂාව තමුන් විසින් සලසා ගත යුතු ව තිබු සේම යහපාලනයෙදි තමුන්ගෙ ආරක්ෂාව තමුන්ටමත් නැතිබව ද මේ කියන්නෙ.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: