ජීවිතයට වාරු නැතුව රොහලේ නවතිද්දී
ලොකු දොස්තර මම දැක්කේ මගේ දුක විමසද්දී
කතා කරන වචන ගානේ මගේ දුක වැඩි වෙද්දී
මට ඇඩුනේ මගේ පැතුම් හීන වෙලා යද්දී
මට නොතිබ්බ මහ ලොකු ලෙඩ වල නම් කියවද්දි
අහන් ඉන්න උනා මටත් පිහිටක් නැති වෙද්දී
ගනන් කරලා ඔරව ගොරව කතා බහ කරද්දී
ලෙඩ අහුවෙත් නෑ අපිටත් හිතේ බය තියෙද්දී
ගෙදර උන්ගේ මනාපයට මගේ ටිකට් කැපෙද්දී
ලොකු දොස්තර චැනල් කොලා මං එපා කියද්දී
පින් කද වගේ හිනා වෙලා මගේ දුක අහද්දී
පුර පෝය හඳයි මෝය කටයි චැනල් සෙන්ටරේදී
මෙය සමස්ත වෛද්‍යවරුන් සියල්ලක්ම මෙලසයැයි කීමට ගත් උත්සාහයක් නොවන අතර එම උතුම් වෘතිය නිගාවට ලක්වන අයුරින් හැසිරෙන සුලු පිරිසක් හා මා ලැබු සත්‍ය අත්දැකීමක් ඇසුරින් කරන ලද නිර්මාණයකි
ela
ReplyDelete