තනා ගත් පැල දිරා ගොස් ඇත
මාවතේ අපි සොයමු ඉඩ කඩ
උපන් මිනිසුන් මියෙන ලොව තුල
මග බලාගෙන හිඳිනු කුමටද
ලෙයින් උපනත් ලෙයම පෙවුනත්
ලොවේ බැමි නැත තදට බැඳුනේ
මහා මන්දිර පුතුන් තැනුවත්
මැදුර තුල නැත සෙවන ලැබුනේ
නැගී එන හිරු ගිලී යන තුරු
ඉඳින් මැණිකේ මගේ තනියට
මාවතේ මිය ඇදෙන දවසට
යමුද මැණිකේ මගේ තනියට
කූඩුවෙන් ඉඟිළ ගිය පැටවුන්ගේ ලෝකයට
ReplyDeleteවාරු නැත අප දෙදෙන කෙලෙස පියඹා යමුද
දිවි ගමන පුරාවට දුක් සුසුම් අත් නොහැර
දිරි දුන්නේ නුඹේ පෙම විතරමයි හැමදාම
වාරුවක් වේවි මට මහළු වුව නුඹේ පෙම
තවත් එක් දිනක් හෝ රැකගන්න හුස්ම පොද
බියක් නෑ නුඹ තුරුලෙ මියැදෙන්න හෙට දිනක
සිටින තුරු නුඹේ ලඟ සැපය මට මහ මගද
අත්තටු ලැබූ එවුන්
ReplyDeleteඉඟිල ගියාට කම්නැත
නුඹේ සෙනෙහස අරුමකි
මගේ මැණිකේ
රුදුරු ලොව නුඹ
නුඹේ සුසුම් පොද
සතපාලන්නට මා ඉන්නම්
මගේ මැණිකේ
ජීවන කතරේ ඇවිද
ReplyDeleteවියපත් දෙපා දුබල
සැඳෑ අහසේ අඳුර
ගිලගනු ඇත නොදුර
තනි කරන්නේ කෝමද
හිමියනි සමු දී