අමා මහ නිවන් කෙලවර පතාගෙන අපිත් හැමවිට
උනුන් ලඟ දනින් වැදගෙන නිවන් පතනවා
කල්ප කාලයක් කල පව් සැරයටියෙන් වෙර අරගෙන
දකින දකින පන්සල් වල පව් හෝදනවා
මිනීමරු දනෝ ගිනි බිඳ ඉතින් පරලොවට ගිය කල
අපේ මහ දනෝ උන්ටත් නිවන් පතනවා
සැමට පොදු බැනර් ඇඳගෙන සත්ගුණවත් මරු සිරාට
වැලිකඩ ලඟ බෝධියකින් නිවන් පතනවා
අමා මහ බුදුන් සිහිකර කියා අපි වැටී ඇති වල
බුදුන් දහම් සඟ සරණින් පිහිට පතනවා
සිනාසී නැටුම් නැටුවත් පමාවී දැනෙයි කාටත්
අපිට වැරදිලා කියලා අපිම දන්නවා
සහතික ඇත්ත.
ReplyDeleteදකින්නට නැතත් බුදු වරු..අන්න බලාපං කොළඹත්..
ReplyDeleteසක්කුරුදා උන ඇත්තෙක් බණ විකුණනවා..
බලං ඔහොම ඉන්නෙ නැතිව..උඹත් ගිහින් හනි හනිකට..
නිවන් යන්ට කෙටි පාරක් සෙවුම වටිනවා..
අනේ මාරයෝ දැනගන් සක්කුරුදා උන ඇත්තා
ReplyDeleteහැටට හැටේ හෙට අනිද්දා නිවන් දකිනවා
කොලඹ හතේ මහ මැදුරේ කල පින් කද රැස් කරගෙන
ඒ ඇත්තො රහත් වෙයිද කියලා හිතෙනවා..