Saturday, December 25, 2010

(අ) වාසනාව

(අ) වාසනාව මාවතේ කොණ.. කනට වද දෙන යකඩ කට දෙස බල බලා... ඉඳින් කුමරිය නොවී උරණව ජීවිතේ හැඩ තල බලා උන්ට හිත් නෑ කෑ ගසන්නට දැනෙන තුරු ලේ රහ පවා.. ලක්ෂයත් උන් විස්සෙ කොලයට අපිට දෙන්නේ හිස නවා.. අපිට අමතක අපේ හිත් ගැන යලි මතක් වෙන දින තුරා... විස්සේ කොලයට වඩා උන් ගැන අපි හිතන්නේ නෑ සදා....

Monday, November 29, 2010

ජීවිතයේ කතාව

බැරි බර කරෙන් ගෙන යන දින පැය අතරඅපෙ දුක රැදෙයි ලෝකය නොදකින තැනකදහඩිය සුවඳ නොදැනෙන නුපුරුදු හිතටඅපෙ දුක දුරයි නොමියෙන මිනිසත් හිතටවේලක් නොකා තව වේලක රස බලනපොඩි උන් නිදයි මොර දෙයි හිස් කුස් නිතරඇකයෙන් උරා බොන රුධිරය නැති කලකඅහසින් වැටෙන දිය බිඳු සරණයි උන්ටවීදි බසිති දාස් ගනන් පඩි ගන්නෝවැඩත් වරති ලොකු ලොකු තැන් වල ඇත්තෝමාසේ අගට පඩි පත ගෙන ඒ උතුමෝකෝලම් නටති සල්පිල් වල ඒ ඇත්තෝඋපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා2010-11...

Sunday, November 14, 2010

සිර ගත කල පෙම

සිර ගත කල පෙමදම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලිනුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිවබංකු පොඩි එක පෙලට තනිවෙලා....එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දරදෙනෝ දාහක් හිතේ සිරවෙලාප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්නරාලහාමිලා එයි උන් සොයාපෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්හඬ නගන බහු බූත අස අසාකාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියාමල් සරා අතු අගක සැඟවිලාඋපෙන්ද්‍ර හර්ෂණ ද සිල්වා2010-11...

Sunday, October 31, 2010

ආවර්ජනා......

ගොඩක් කාලෙකට පස්සේ පහුගිය දවසක මගෙ ඉස්කෝලෙට ගියා. පරන පුරුදු ගෙට්ටුවෙන් ඇතුලට මම ගියත් මගෙ හිත පරන ලෝකෙට ගිහින්. කාලෙකට ඉස්සර ගෙවුන කියාගන්න බැරි තරම් සුන්දර ලෝකෙ මට එක මොහොතකින් මැවිලා පෙන්න ගත්තා. හැමදාම වෙලාවට ඉස්කෝලට එන මාව පිලිගන්න වේවැල අතේ තියන් ඉන්න අපේ ප්‍රින්සිපල් සර් ,හැමදාම වදයක් වෙච්ච පීරියඩ වලට අමා ඔසුවක් උන සංගීත කාමරේ, නැටුම් කාමරේ අඩියෙන් අඩිය අපිව උඩට ගෙනාපු තරප්පු පේලිය වෙනදා වගෙමයි පරන පුරුදු ආදරෙන් ඉස්කෝලෙ මන් දිහා බලන් ඉන්නවා. මතකයන් ඇරෙන්න අනිත් දේවල් 5 S වෙලා මතක් කරපන් මගෙ හිත මට කිව්වා අමතක කරන්න තරම් කිසිම මතකයක් නොවටිනා...

Monday, October 18, 2010

කුනු....

ගුඩ් මෝර්නින් සර්........කන්තෝරුවේ පිය ගැට පෙල පාමුලකුනු බාල්දියත් අතේ තියාගෙනතනි මට අක්කර ගානක ඉඩක් ඉතුරු කරලාපැත්තකට වෙන ගමන්උඹ මට සුභ පැතුවාඊලගට තරප්පුව නගිනඅකුරු දෙකේ ලොකු මහත්තයටඒ ඉඩ මදිවෙලාබෝ වෙන ලෙඩෙක් දැකපු ගානටමූන ඇද කරගෙනඌ මට මෙහම කිව්වාදවසම ඉවරයි.........කුනු වලට උඹ ඔය තරම් බයදහොදට හිතපන්ආයෙම හිතපන්උන් අදින්නේ අපේ කුනු.... ...

Sunday, October 10, 2010

ආදරයේ වේදනාව

...

Monday, October 4, 2010

ලොකු දොස්තර

ජීවිතයට වාරු නැතුව රොහලේ නවතිද්දී ලොකු දොස්තර මම දැක්කේ මගේ දුක විමසද්දී කතා කරන වචන ගානේ මගේ දුක වැඩි වෙද්දී මට ඇඩුනේ මගේ පැතුම් හීන වෙලා යද්දී මට නොතිබ්බ මහ ලොකු ලෙඩ වල නම් කියවද්දි අහන් ඉන්න උනා මටත් පිහිටක් නැති වෙද්දී ගනන් කරලා ඔරව ගොරව කතා බහ කරද්දී ලෙඩ අහුවෙත් නෑ අපිටත් හිතේ බය තියෙද්දී ගෙදර උන්ගේ මනාපයට මගේ ටිකට් කැපෙද්දී ලොකු දොස්තර චැනල් කොලා මං එපා කියද්දී පින් කද වගේ හිනා වෙලා මගේ දුක අහද්දී පුර පෝය හඳයි මෝය කටයි චැනල් සෙන්ටරේදී මෙය සමස්ත  වෛද්‍යවරුන් සියල්ලක්ම මෙලස‍යැයි  කීමට ගත් උත්සාහයක් නොවන අතර එම උතුම් වෘතිය...

Friday, October 1, 2010

මුවහත

යකඩ කටින් යටිගිරියෙන්අපේ දුකට උන් විදවපු.......අවුරුද්දෙන් දින ගානක්අපේ ජීවිත උන්ට පෙනුනු......හීන දැකපු මාලිගාවේආයෙත් උන් රජකරවපුවලං පතුලේ කැද උගුරටතුන් වේලම හිත හදාපු......තැලෙන යකඩ දැක දැක උන්ඒ යකඩෙම ඔප දමාපුකැපෙන දවස ඈතක නෑමුවහත වැඩි උන් තියාපු.......

Monday, August 30, 2010

ලාභයි........ ජීවිතේ

යන එන උන්ගේ කාසි කොල වලින් හරි හරියට සෙල්ලම් කරන මගේ ජීවිතේ.... උන් කේවල් කරන්නේ මගේ ජීවිතේ බව උන් නොදන්න තරමටම අල ළුනු ගෙඩියකින් මන්දිර තනන උන්ගේ හිත්වලට මම සාප කරන් නෑ දෑස නොදල්වා බලා ඉන්න තරමට ගිරිය ගෙවෙනකම් කෑ ගහන තරමට හිස් වෙන ගෝනි පඩංගුව වගෙ හිතේ කරදර හිස් වෙන් නෑ කියලා උන්ට නොතෙරෙන බව මං දන්...

Sunday, August 8, 2010

මගේ ආදරේ

හන්තානට පායන හඳ වගේ කියලා....ඔයාට කියන්න මට හිත දෙන් නෑහඳ මට කොයි තරම් දුරද.....ඈතට කොයි තරම් ලස්සන උනත්දුවිලි, ආවාට පිරුනු හුස්ම පොදක් ගන්න බැරි තැනකටමට ඔයාව සම කරන්න පුලුවන්ද...අතු අගක පිපෙන මලක් වගේ කියල කියන්නේ කොහොමදපහු වෙනිදට පර වෙලා පෙති හැලෙන හැටි දැක්කමඒ නිසා මට ඔයා ඔයාමයි ඔයාට සමකරන්න කිසිම දෙයක්.මේ ලෝකේ මට නෑ...

Saturday, August 7, 2010

ඒ.. රුපියල

ඒ.. රුපියලබඩගින්නේ වේලෙන අතකින්ගිනි අව්වේ වේලෙන හිතකින්ඉල්ලුවත් නොදුන්නඒ රුපියල...........දේවාලේ පින් කැටේට දාලදොහොත් මුදුන් දුන්නේපුදුමාකාර හිතේ සතුටකින් (ද)...

Thursday, August 5, 2010

(නො)තේරුම

(නො)තේරුමකප්පරක් පැතුම්හීන කන්දක් පුරවගෙනමහගෙදරත් උකස් කරලාවිස්ස විද්යාලේ යවපු ලොකු එකාඅත් කකුල් වෙලාගෙන ගෙදර ඇවිත්පහ පාස් පොඩි මල්ලි සිමෙන්ති අනලාගත්තු සොච්චමත් හන්දියේ ඩිස්පෙන්සරියේකවුන්ටරේ මැද්දෙන් තිබ්බඋන්ගේ අම්මාදෙස් තියනඅප්පච්චිට මෙහෙම කිව්වාකෑ නොගහ හිටියනම්මයෙ පුතාට දැන් හොදට පොස්ටෙර් අදින්න පුලු...

නන්නත්තාර

නන්නත්තාරහිතපු හිතපු දේ වරදින කාලෙට කරන කරන දේ වරදින කාලෙට නොසිතු නොපැතු දේ සිදුවන කාලෙට මොනව කරන්නද නැති බැරි කා...

Saturday, May 29, 2010

නොමියෙන ප්‍රේමය

පුරසාරම් නැත.. දොඩමලු වී නැත..අපි අප වෙනුවෙන් කල කී දෑ ගැන..රන් මිනි අබරන අතගිලි වල නැත..ඉර හඳ උකසට අපි අරගෙන නැත..දිවිය පුරවට දුන් සිත පමනක්එදා බැදුනු විලසින් තවමත් ඇත.....(2010-05-29)උපේන්ද්‍ර හර්ෂණ ද සිල්...

Friday, May 21, 2010

ප්‍රේමය හා කීර්තිය රඳවා අල්විස්‌ සමුගෙන ගොසින්ය

                           ප්‍රේමකීර්ති ද අල්විස් මා බොහෝ සෙයින් ආදරය කරන ගරු කරන පුද්ගලයෙකි. ඔහු මිය යන විට මා මරනය යනු කුමක්ද කියාවත් තේරුම් ගත නොහැකි වයසක පසු වූවෙක්මි. මගේ පියා බොහෝ කාලයක් ඔහුගේ මරනය ගැන දුක් වූ බවනම් මට යන්තමින් මතකයේ රැදී තිබේ... එහෙයින්ම මම මේ පුද්ගලයා කවුරුන්ද යන්නට සොයා බැලීමට යම් දෙයක් ඔලුවට වැටෙනා කාලයේ සිටම වෙහෙසුනි.... සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්‌ මා ඔහුගේ කටහඩ අසා ඇත්තේ...

Wednesday, March 3, 2010

වර්තමාන ගීත කලාව

ගීතය ගැන බොහෝ අයෙක් නොයෙක් මති මතාන්තර දරන්න පුලුවන් සමහරෙක්ට ඕනම ගීතයක් රසවින්දනය කරන්නට හැකියාවක් තියනවා සමහරෙක් තෝරාගත් ගීත පමනක් රස වින්දනය කරනවා ඒක හුදෙක් පුද්ගලයා අනුව වෙනස් වන දෙයක් නමුත් මට අද කතා කරන්නට උවමනා වෙන්නේ වෙනත් දෙයක් අද අපිට නුතන සමජයේදී අසන්නට ලැබෙන ගීත කොතෙක් දුරට රසවින්දනයට හා කලාත්මක වශයෙන් කොතරම් දුරට පොහොසත් ද කියන කාරනය අපි මීට අවුරුදු ගානකට කලින් අමරදේව මාස්ටර් නන්දා මලිනී සුනිල් එදිරිසිංහයන්ගේ ගීත රසවින්දා ඒ ගීත වල ම්යුරු බවත් එක්කම ලොකු පනිවිඩයක් සමාජෙට දෙන්න ඔවුන් සමත් උනා එත් පසු කාලීනව ඇසෙන ගීත වලින් සමජෙට දෙන්න...

Wednesday, February 24, 2010

යකඩ පැය දෙක

අම්බානක බඩගින්නෙ උන්නු මන් කෑම එකත් බෙදන් ගිහින් ට්වී එක ලගින් වාඩි උනා බත් කටවල් දෙක තුනක් කෑවා කියමුකො පරිසරේ මහා අමුත්තක් මට දැනෙන්න ගත්තා හැමදේම මාර නිශ්ශබ්ධයි හැමෝම මහා උනන්දුවකින් ට්වී එක බලනවා මාත් පිගානෙන් ඇස් අහ්ක් කරල ට්වි එක බලුවා හත් දෙය්යනේ එතන යමර වලියක්....... විනඩි 15ක් විතර මන් එක බලන් උන්නා කියලා වැඩක් නෑ පොඩි උන්ට එහෙම බලන්න කියාපු දේවල් අක්කලා නන්ගිලා නැන්දලා මිනි මරාගන්නවා මිනි මරන්න පැලෑන් කරනවා පවුල් කොටවනවා ඒ අතරේ සහයොගයෙන් කරන් එක දෙයක් නම් දැක්කා එක මිනිහා සහයොගයෙන් ගෑනු දෙතුන් දෙනෙක් එක්ක පවුල් කනවා දැක්කා හත් දෙය්යනේ...
Time in Sri Lanka: 11:49:29AM
Tuesday 01/04/25