Sunday, November 14, 2010

සිර ගත කල පෙම





සිර ගත කල පෙම

දම් පාට අහස යට පෙම් පාට පිරුනු රැලි
නුවර වැව් ඉවුර ලඟ තනිවෙලා......
පෙම් කතා අමතකව පෙම් සිනා හඬ නැතිව
බංකු පොඩි එක පෙලට තනිවෙලා....

එදා වැව් රවුම වට මැවූ පෙම් කතන්දර
දෙනෝ දාහක් හිතේ සිරවෙලා
ප්‍රේමයේ අස්වැන්න කපාගෙන ගෙනියන්න
රාලහාමිලා එයි උන් සොයා

පෙම් නොකල සිත් ඇතුව මෙලොව එලි දුටු එවුන්
හඬ නගන බහු බූත අස අසා
කාකි රූ බැටන් පොලු මග වඩීදෝ කියා
මල් සරා අතු අගක සැඟවිලා


උපෙන්ද්‍ර හර්ෂණ ද සිල්වා
2010-11-14

1 comment:

  1. පෙම්වතුන්ට විතරක්යැ. නිකම් යාලුවො දෙන්නෙකුටවත් කොහෙවත් ඉඳ ගන්න බැහැනෙ දැන් පොලිසියත් එක්ක.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: