Sunday, July 3, 2011

පිං කැටේ



අනේ තාත්තෙ කියහන්කො..
අපි  පිං පෙට්ටියට දාන පඬුරු
දෙයියෝ ගනන් කරන්නෙ කොයි වෙලාවටද කියලා

ඒත් එක්කම මට කියහන්කො
සිතූ පැතූ සම්පත් තියනවාය කියන දෙයියො..
අපි දෙන සතෙන් සතේ එකතු කරනවද
පිං කැටේට දාන පඬුරෙ ගානට අපිට සලකනවද

පඬුරක් නොදා යන උන්ගේ හතර හන්දි දෙයියො කඩනවනම්
සොත්ති උපාලිත් දෙයියෙක් නෙ තාත්තෙ



4 comments:

  1. හික් හික්. පොඩි උන්ගෙ ඔය අවංක සිතුවිලි වැඩිහිටියෙක් වෙනකොට කුරුවල් වෙලා යන එකනෙ දුක. හන්දියක් ගානෙ හිඟාකන දෙය්යොන්ගෙන්ම තමයි අහන්ඩ වෙන්නෙ ඒ ඇයි කියලා. :D

    ReplyDelete
  2. හා හා ඕවා කියලා හෙට උදේට පොලිසියෙන් දඩ කොලයක් ලිව්වොත් එකත් යන්නෙ දෙයියන්ගෙ පිටින්. ස්තුති කියෙව්වට

    ReplyDelete
  3. හර්ෂණ, අරක තමයි කියන්න තියෙන්නෙ. :D

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: