Sunday, July 3, 2011

අහන්න එපා



අහන්න එපා ආයෙමත් 
වැස්සක් නැතුවත් මොකටද කුඩ ඉහලගෙන කියලා 
...................
සදාචාරෙන් විලි වහගත්ත
හැදිච්ච කමට හැංගිලා බලන
පිංවන්ත උඹලාගේ කටවල් වලින්  
ආදරේ කරන්න තියන එකම තප්පරෙත්
බණ අහන්න අකමැති නිසා

5 comments:

  1. හිටු අම්මට කියන්න.. :D ලස්සනයි හර්ෂණ. කාලයක් හිර වෙලා හිටි සීමාපවුරු බිඳ කරන අලුත් නිර්මාණ දැක්කහම හරිම සතුටුයි.

    ReplyDelete
  2. ඔව් අනේ ඔන්න ඔහේ ඕන එකක් කරගන්න.

    ReplyDelete
  3. ෂහ් මාර වදන් ටික ........
    නියමයි .......

    ReplyDelete
  4. ලංකාවේ තරුණ අසහන කොමිසම් වාර්තා වල ඇයි නිර්දේශ කරන්න බැරි හැම ප්‍රේම වන්තයකුටම/වන්තියකටම නොමිලේ කුඩය බැගින් දෙන්න ඕනේ කියලා ..විහිලුවක් කලේ

    කුඩේ අස්සෙම ඉන්න ඕනෙ නෑ කොල්ලෙක් කෙල්ලෙක් මුහුදක් , පාර්ක් එකක් ගාව ලඟින් වාඩි වෙලා කතා කර කර හිටියත් පොලිස් කූඩුවේ දානවනේ .මම හිතන්නේ ඔය කොල්ලො කෙල්ලො න්ට වලි දාන වැඩිහිටි හැමෝම "ශුද්ධාත්මයකින් " පහල වෙලා වෙන්න ඕනේ , ඒ කියන්නේ ආදම් හා ඒව ගෙ උයනේ ඉඳලාම නෑ......තහනම් ඵල රස බලලත් නෑ .....

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: