Saturday, March 9, 2013

බාලචන්ද්‍රන්ලා සහ ජිනීවා










                                            දැන් දැන් බ්ලොග් පිටු පුරා . බුකිය පුරා බාලචන්ද්‍රන් ලා වෙනුවෙන් සෝක ප්‍රකාශ, බැනර් , මල් වඩම් වැහි වැහැලාය.    වැරදිලාවත් ඇමරිකාවට සිංහල යුනිකෝඩ් තේරෙනාවනම්. ජිනීවා වලට ගිය මහින්ද ගොයියා  දැන්මම ගෙදර එන එක ඉතා හොදය. මල ගිය කොටියන්ගේ සනුහරේට වඩා බාලචන්ද්‍රන් වෙනුවෙන් කිරි රෙන්නේ සිංහයන්ටය. බාල පුතා මල සොවින් වැලපෙන සමහර මහ්ත්තුරු කියන කතා සම්පූර්ණ ඇත්තය. මොකා මොනවා කලත් මානව අයිතිවාසිකමනම් මානව අයිතිවාසිකමය. ඒක අපිට තිබුනේ නැති උනත් කොටියාට තිබිය යුතුමය මන්ද යත් ඒ අපේ හැටිය. අපේ අභිමානවත් ඉතිහාසයේ හැටිය. අපි සත් ගුනවත් බෞද්ධයෝය අපිට හැගීම් දැනීම් නැත. අපිට ලාදුරුය. බෞද්ධයන් වන අපි
අපේ තාත්තා මරපු එකාටද මෛති කල යුතුය. උගේ පවුලේ උන්ගේ ෆොටෝ බිත්තියේ එල්ලාගෙන දවසට තෙවරක් මෛත්‍රි භාවනාව කල යුතුය අපිට මොනවා කලත් අපි සරම උස්සා උන්ට මෛත්‍රි කල යුතුය. අපි ඒ කාලයේ බස් වල පාරවල් වල ගියේ පට්ට ආතල් එකේය අපිට කිසිදු ප්‍ර්ශ්නයක් තිබුනේ නැත. මොකද කියනවානම් වැඩිකල් ඉන්නට කිසිම එකෙක්ට බලාපොරොත්තුවක් තිබුනේ නැත. එහෙව් එකේ අපිට කිසිම ප්‍ර්ශ්නයක් තිබ්බේ නැත. හිටපු ගමන් එකට බත් එක කෑ යාලුවා
සීල් කල පෙට්ටියකින් ගෙදරට ගෙනා විට අපි උඩ පැන පැන සතුටින් සිනාසෙනුමු.

" හොද වැඩේ එපා කියද්දී ගියානේ අර අහිංසක කොටියන්ගේ මානව අයිතිවාසිකම් කඩන්න "

අපි පෙට්ටිය දෙස බලා මල එකාට දහ අතේ දෙස් දෙවොල් තැබුවෙමු. ඔකාට ඔහොම උනා මදි යැයි කීවෙමු. මල එකාගේ නෑයන් ප්‍රබා වෙත සමාව ඉල්ලා ලිපි යැවුහ,, අපි කොටි වෙනුවෙන් එ තරම්ම දුක් උනෙමු මන්ද යත් අපි හෙන අභිමානවත් ජාතියක් වූ නිසාය. අනික් කාරනේ අපි බෞද්ධය පලි ගැනීම අපිට අරහංය. අර කිව්වත් වාගේ නහී වේරේන වේරානීය. අනික් කාරනේ බාලචන්ද්‍රන් කිරි සප්පයාය. යුද්ධයක් ගැන ඌ මෙලෝ හසරක් දන්නේ නැත. ප්‍රභාගේ
ආසාවකට පාටියකට මගුලකට ඇරෙන්නට කොටි යුනිෆෝම් එකක් වත් ඇදලා නැත. අපේ තාත්තාගේ යාලුවෙකුත් ඒ කාලේ ත්‍රිකුනාමලේ නේවී කෑම්ප් එකක හිටියේය. මිනිහා හෙන නරක බුවෙකි අසරණ කොටියන්ගේ මානව අයිතිවාසිකම් පන්න පන්නා කැඩු එකෙකි. දවසක් ගෙදර ඉදලා පවුල පිටින් කෑම්ප් එකට යන අතර මගදී කොටියන් අපේ තාත්තාගේ යාලුවා බය කලේය. ඒ පුන්චිම පුන්චි බිම් බෝම්බයක් කාරෙකට සෙට් කරලාය මොනවා කලත් පවුලම එක වර යන්නට
ඕනෑ තැනට ගිය නිසා මනුස්සයාගේ මානව අයිතිවාසිකම රැකුනේය. අත දරුවාගේ කිරි බෝතල් හොයා ගත්තේ . පොල් ගස් වල කරටි උඩ තිබිලාය. අපේ තාත්තා අදටත් දවසට තෙවරක් ඔය සිද්ධිය මතක් කර මෛත්‍රි භාවනාව වඩන්නේය


මොනවා කිව්වත් ඔය බාල පුතාලා ගැන පිට රටවල ඉදන් ලියන මහත්තුරුත් . ඒ කාලයේ ඉදලාම රට වෙනුවෙන් යුද්ධ කරපු ඇත්තෝය. ඒ දවස් වල දවසට විසි තිස් වතාවක් defence.lk එකේ තිබූ මැප් එකේ දිග පලල චෙක් කරමින් .දහඩිය වගුරවමින් ඔවුන් රට වෙනුවෙන්  කල සේවය අපි මහත් සේ අගය කල යුතුය. උන් එසේ රට වෙනුවෙන් අපෙ කැප වෙද්දී අපේ උන් කලේ වැඩකට නැතුව යුද්දේට ගොස් අත පය නැති කර ගැනීමය  , එහෙමත් නැත්තං ජීවිතේ නැති කරගැනීමය. ඒ අපේ ජාතියේ හැටිය . මොනවා කලත් සමහරක් බාල පුතාලා වෙනුවෙන් අඩනවාට විරුද්දය .
බාල පුතා වෙනුවෙන් දුක් ගී ලියන මහත්තුරුන්ගෙන් අවසාන ව්අශයෙන් මම යටහත් පහත්ව ඉල්ලීමක් කරන්නට කැමතිය. ජංජාලේ පමනක්   ඕවා කිව්වාම මේවා මොලේට යන්නේ ටික දෙනෙක්ටය අනික් එක ජංජාලේ ඉන්නා බොහොමයක් දේශ ද්‍රෝහීන්ය. උන්ට මානව අයිතිවාසිකම් ව්අල   වටිනාකමක් තේරෙන්නේ නැත පුලුවං කමක් තියනවා නම් ඔය ලියාපු අටුවා ටීකා ටිකක් ප්‍රින්ට් කරගෙන කැබිතිගොල්ලෑව , ගෝනගල , අම්පාර  පැත්තේ ගම් කීපෙකට ගොස් ගෙයක් ගෙයක් ගානේ බෙදුවා නම් වැඩේ පංකාදුය . මොකද කියනවා නම් මානව අයිතිවාසිකම් ගැන හොදටෝම දැනුම්  තේරුම් තියෙන්නෙ ඒ ඇත්තන්ට නිසාය.  



ගියාට විතරක් මදිය ඒ පැත්තේ අයට අනිවාර්යෙන්ම මේකත් කියා දිය යුතුය

" නහී වේරේණ වේරානීය "

4 comments:

  1. වෛරය පැත්තකින් තියමු.
    තිස් වසරක් පුරා ඇදුණු යුද්ධයක් නිසා අහිමි වුණු ජීවිත සංඛ්‍යාව කොපමණද? නන් අයුරින් ආබාධිත වුණු, ඒ නිසාම යැපෙන්නන් බවට පත් වුණු ප්‍රමාණය කොතරම්ද? ආරක්ෂකයා/ බත සපයන්නා අහිමි වුණු පවුල් කොතරම්ද? පියා/ මව නැතිව ළමා විය ගෙවන්නට වුණු දරුවන් කොපමණද? ගේ දොර අහිමිව, අනාථයන් ලෙස උපන් ගමින් පිටමං වන්නට වූවන් කොපමණක්ද? ගෙදර නිදන්නට බියෙන් හැන්දෑ වනවිට කැලෑ වදින්නට වුණු දරුවන් කොපමණද? විනාශ වුණු පාරවල්, ගොඩනැගිලි, රේල්ලු, වාහන, පාළම් ආදී භෞතික සම්පත් කොපමණද? අහිමි වුණු නිදහස/නොබියව ජීවත් විමේ හැකියාව, හිතේ ඉතිරි වුණු තුවාල ආදිය කොහොම ගණනය කරන්නටද?

    යුද්ධය දිගට කෙරීගෙන ගියානම්, එහෙම නැත්නම් නැවත වරක් යුද්ධය ඇවිළුණහොත් තත්වය කුමක්ද? දැනටමත් සිදුව ඇති විනාශය මදිවාටද? එහෙම තැනකට රට යා නොදෙනු වස් ගත යුතු හැම පියවරක්ම අනිවාර්‍යයෙන්ම ගත යුතුය. හැම කඩතොළුවක්ම වැසිය යුතුය. මිය ගිය/ ආබාධිත වූ/ අනාථ වූ අයට නොතිබුණු මානව අයිතිවාසිකමක් ත්‍රස්තවාදීන්ට පමණත් තිබිය නොහැක.

    ReplyDelete
  2. මා බාලචන්ද්‍රන් ගැන කතා කරන්නේ නැත.ඒ අැතිතරම් ඒගැන කවුරුත් කතාකර අැති නිසාය.නමුත් අද තිබෙන ප්‍රශ්ණය වන්නේ ත්‍රස්ථවාදය නැවත අැතිවීම වැලැක්වීම සදහා ගතයුතු යයි කියන පියවරවල් ඒ අයුරින් අරගෙන තිබේද ?යන්නයි.බාලචන්ද්‍රන් ගැන ඔබ බදිරිපත් කල මතය අපි පිලිගනිමු.නමුත් ඒ සමගම KP ගැනත් කරුනා ගැනත් අප තීරනයක් ගත යුතුය.මුළු ත්‍රස්තවාදී ක්‍රියාවලියටම අවශ්‍ය අායුධ සැපයූයේ KP විසින්ය.ඒසේනම් ඔහු ප්‍රභාකරන් තරමටම ඒ සියළුම ගාතන වලට වග කිවයුතු නොවේද?ඒමෙන්ම 2001 ට පෙර නැගෙනහිර පලාතේ සිදුවූ සයළුම අපරාධ වලට වගකිව යුත්තේකරුනා නොවේද?ඒමෙන්ම මොවුන් දෙදෙනාම (ප්‍රභාකරන්ගේ පුතාට වඩා)ඔ්නෑම අවස්ථාවක ත්‍රස්තවාදී සංවිධනයකට නායකත්වය දීමට පලපුරුද්ද අැත්තන්ය.ඔවුන් දැනටමත් රජයට හොරෙන් ඒ වැනි පසුබිමක් සකස් කරමින් සිටින්නේ නැතැයි කිවහැක්කේ කාටද? ඒය ඒසේ සිදුවුවහොත් නැවත නිවැරදි කිරීමට අවස්තාවක් උදා නොවනු අැත.

    ReplyDelete
    Replies
    1. මම බොහෝ විට යමක් පසු පස පන්නමින් තේරුම් කිරීමට වෙහෙස නොවෙමි. නමුත් ඔබගේ ප්‍රකාශය හමුවේ යම් පැහැදිලි කිරීමක් කල යුතුයැයි සිතුවෙමි. මා විසින් ඉහත සටහන ලියන ලද්දේ මා නිලෙන් බැබලෙන සන්ධානයට කඩේ යන්නෙක්ගේ මානසිකත්වයෙන් යැයි කියා ඔබ සිතන්නේ නම් ඒ සිතුවිල්ල වහා නිවැරදි කල ගත යුතුය. දේශපාලනයේදි පක්ශ හෝ පාලකයන් අතර මා දකින වෙනස පාට හා ලංචනය පමනි හුදෙක් උන් කාලකන්නියන්ම පමනි. කොල ,රතු , නිල් වේවා මගේ දැක්මට අනුව උන් ස්අත පහකට විශ්වාස කල නොහැකි උන්ගේ පැවැත්ම වෙනුවන් වෙසන කාලකන්නියන් කොටසකි. මම මේ තාක් කාලයකට චන්දය පාවිච්චි කර ඇත්තේ එක් වරක් පමනී. ඒ පිලිබදවද මම අදටද කනගාටුවට පත්වෙමි.


      හුදෙක් බාලචන්ද්‍රන් ලා වෙනුවෙන් දුක් ගී ලියන කොටස අමතක කල දේ වෙනුවෙන් පමනක් , මම සටහන් ලියමි. බාලචන්ද්‍රන් ගේ වයසේම කැබිතිගොල්ලෑවේ. ගෝනගලදී , අනුරාධපුරේදී කප කොටා ගාතනය කල කුඩා උන් වෙනුවෙන් පමනක් මම සටහන් ලියමි. එදා කිරි බොන වයසේ සිංහල ලදරුවන් කපා කොටද්දී අමතක උනු මානව අයිතිවාසිකම වෙනුවෙන් මම සටහන් ලියමි.

      එසේ නොමැතිව. පැවැතම වෙනුවෙන් පැති මාරුවෙන. මුදල් වෙනුවෙන් ආත්මය පාවන කාලකන්නි දේශපාලකයන් රැකීම වෙනුවෙන් කිසිදු සටහනක් මම නොතබන බව කරුනාවෙන් සිහිතබාගන්නා මෙන් ඉල්ලා සිටිමි. මන්ද යත් උන් වෙනුවෙන් කඩේ යැමෙන් මට කිසිදු ප්‍රතිලාබයක් නොමැති නිසාවෙනි.

      තවත් ආකාරයකින් කියනවානම් මේ කතාව මෙසේ කියන්නටද පුලුවන .. කොටියන් කපා කොටා කීතු ගැසු හැම පවුලක්ම එදා උන් කපා කෙටුවේ යූ.එන්.පී හෝ පොදු පෙරෙමුනේ ද කියා චන්ද කොලේ බලා නොවේය. තම තමන් ඒ කාරනය දිහා බලන පාට කන්නාඩිය ගලවා තබා මිනිසෙක් සේ අදාල කාරනය දෙස බලන්නේ නම්. ඔබලා කිසිදාක බාලචන්ද්‍රන්ලා වෙනුවන් දුක් ගී නොගයනු ඇත.

      Delete
  3. මට මේවට යන කේන්තියට කියන්න වචනත් අමතක වෙනවා. ලංකාව කියන්නේ පොන්නයන්ගේ පාරාදීසයක්. තමන්ට පොරවෙන්න තියේනම් අම්ම හරි විකුණන එවුන් ඉන්න රටක්. මම කනගාටුවෙනවා මේ වගේ රටක ඉපදුන එක ගැනත්. තව ලියන්න මේ පොන්න මත ටිකවත් නැති කීපදෙනෙක් හරි ඉන්නවා කියලා අපට දැනෙන්න.

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: