Wednesday, February 29, 2012

සියුමැලි නොවුනු කලුගල්


සිතට නොදැනෙන ඇසට නොපෙනෙන
අපේ ජීවිත ගැන කතා
වාරු ඇති තුරු දෑත රැක ගයි
ජීවිතේ පණ නල සදා

ජීවිතේ නපුරුයි රුදුයි
එනමුත් තැවෙන්නේ නෑ සදා
අවුකනත් කලුගලකි
කැටයම් කර නොබින්දා නම් එදා

හිරුගේ උනුසුම පුරුදු හිස මත
දුක රැදෙන්නේ නෑ සදා
නුඹේ මැදුරෙත් මගේ කදුලිනි
බිත්ති බැදුනේ පෙර එදා


_____________________________________________________



4 comments:

  1. හොද නිර්මාණයක් .. අවසාන පද දෙකට මම වැඩිය කැමති

    ReplyDelete
  2. ලොව පුරා ජීවිතය ජයගන්න ගොරහැඬි කුළුගෙඩි දරන පුංචි අත්වලට මේ පදපෙල උපහාරයක් වේවා.

    ReplyDelete
  3. නුඹේ මැදුරෙත් මගේ කඳුළිනි
    බිත්ති බැඳුනේ පෙරදා..

    පිටත ඉදන් බලලා අපි ලස්සනයි කිව්වට.. ඒ බිත්ති ඇතුලට වෙලා ඉකිබිදින කඳුළු කොයිතරම් ඇතිද.. අවසාන පැදි දෙක නිර්මාණයේ අරුත වැඩිකරලා.. :)

    ReplyDelete
  4. රළු කුළුගෙඩි නුඹේ අතේ
    දුක හිතිලද දුවේ පුතේ
    මහ කළුගල් බිඳී යතේ
    පොඩිකර දා උඹේ අනාගතේ

    ReplyDelete

හිතුව දේ ලියලම යමු

Time in Sri Lanka: