සිතට නොදැනෙන ඇසට නොපෙනෙන
අපේ ජීවිත ගැන කතා
වාරු ඇති තුරු දෑත රැක ගයි
ජීවිතේ පණ නල සදා
ජීවිතේ නපුරුයි රුදුයි
එනමුත් තැවෙන්නේ නෑ සදා
අවුකනත් කලුගලකි
කැටයම් කර නොබින්දා නම් එදා
හිරුගේ උනුසුම පුරුදු හිස මත
දුක රැදෙන්නේ නෑ සදා
නුඹේ මැදුරෙත් මගේ කදුලිනි
මෙම බ්ලොග් අඩවිය තුල මවිසින් පල කරනු ලබන ලිපි හා නිර්මාණ මගේ අවසරයකින් තොරව වෙනත් අඩ්වියක පලකිරීම හෝ වෙනයම් කටයුත්තක් සදහා යොදා නොගන්නා ලෙස දැනුම් දෙමි. මෙහි පලකරනු ලබන සියලූ ලිපි හා නිර්මාණයන්හි අයිතිය උපේන්ද්‍ර හර්ෂණද සිල්වා වන මා සතු වන අතර ඔබට යම් ලිපියක් උපුටා ගැනීමට අවශ්‍යවන්නේ නම් කරුනාකර harshanadreams@gmail.com මගින් මා දැනුවත් කරන මෙන් දන්වමි.
හොද නිර්මාණයක් .. අවසාන පද දෙකට මම වැඩිය කැමති
ReplyDeleteලොව පුරා ජීවිතය ජයගන්න ගොරහැඬි කුළුගෙඩි දරන පුංචි අත්වලට මේ පදපෙල උපහාරයක් වේවා.
ReplyDeleteනුඹේ මැදුරෙත් මගේ කඳුළිනි
ReplyDeleteබිත්ති බැඳුනේ පෙරදා..
පිටත ඉදන් බලලා අපි ලස්සනයි කිව්වට.. ඒ බිත්ති ඇතුලට වෙලා ඉකිබිදින කඳුළු කොයිතරම් ඇතිද.. අවසාන පැදි දෙක නිර්මාණයේ අරුත වැඩිකරලා.. :)
රළු කුළුගෙඩි නුඹේ අතේ
ReplyDeleteදුක හිතිලද දුවේ පුතේ
මහ කළුගල් බිඳී යතේ
පොඩිකර දා උඹේ අනාගතේ